බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යවස්ථාදායක සභාව තම සීමා ඉක්මවා ගොස්  කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා… රජය චෝදනා කරයි…

by editor
දෙසැම්බර් 30, 2025
in පුවත්
nalinda
Share on FacebookShare on Twitter

විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධ සිද්ධියේ දී ව්‍යවස්ථාදායක සභාව පටු අරමුණු මත රැඳෙමින් තමන්ගේ සීමාව ඉක්මවා ගොස් රටක ඉදිරි ගමනට බාධා කරමින්   කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරන බව  රජය අද (30) දැඩිව චෝදනා කළේය.

ව්‍යවස්ථා සංශෝධන හරහා ජනාධිපතිවරයා සතු බලතලවලින් කොටසක් ව්‍යවස්ථා දායක සභාවට පැවරී ඇත්තේ වඩාත් ප්‍රගතිගාමී ලෙස සංවර්ණ සහ තුළන කාර්යය ඉටුකරමින් රට වෙනුවෙන් ඉදිරිගාමී තීන්දු ගැනීමට වුව ද මෙම ව්‍යවස්ථාදයක සභාව  කටයුතු කරමින් සිටින්නේ බංකොලොත් වීමෙන් පසු ආපදාවටද ලක් වී ඇති රටේ ඉදිරි ගමන වළක්වන ආකාරයට බවත්  ව්‍යස්ථාවට අනුව  නිශ්චිත සුදුසුකම් සම්පූර්ණ කළ විගණකවරුන් සිවු දෙනෙකුගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කරද්දී  තමන්ට නැති බලයක් සහිතව එම නම් ප්‍රතික්ෂේප කිරීමේ හිමිකමක් ව්‍යවස්ථාදායක සභාවට නැති බව ද රජය අවධාරණය කළේය.

ජනාධිපතිවරයා විසින් නාම යෝජනා කළ කිසිවෙක් ජනාධිපතිවරයාගේ මිතුරන්, සරසවි සගයන්,  හෝ  මිල්ටරි මෑන් ලා නොව, ව්‍යවස්ථානුකූලව විගණකාධිපති ධූරයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්  බව අද මේ සම්බන්ධව අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අවධාරණය කළේය. තත්ත්වය මෙසේ නම් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලය මත පිහිටා කටයුතු කරනු ඇති බව කී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ව්‍යවස්ථාදායක සභාව ද තමන්ගේ සීමාවන් අවබෝධ කරගෙන පටු ආකල්පවලින් මිදී කටයුතු කළ යුතු බවට යෝජනා කළේය.

මෙහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 C කියන වගන්තිය අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නේ ජනාධිපතිවරයා යි. එය ව්‍යවස්ථාදයක සභාවෙන් අනුමත කරවා ගැනිමට අවශ්‍යයි. එය තමයි සාමාන්‍ය ක්‍රියාවලිය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ව්‍යවස්ථාදායක සභාව ඉල්ලන්නේ මොනව ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාන්‍ය ක්‍රියාවලිය අනුව  විගණකාධිපති ධූරයට සුදුසුකම් සහිත විගණකවරයෙක් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ යුතු ය. ව්‍යවස්ථාවේ පවතින සුදුකම් සහිත විගණකවරයෙක් කියන නිර්නායකයට අනුව ජනාධිපතිවරයා අවස්ථා 04ක දී තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. කාටවත් ඒක අභියෝගයට ලක් කරන්න බෑ, ජනාධිපතිවරයාට හිමි බලතල අනුව  ව්‍යවස්ථාවේ පවතින ආකාරයට විගණකාධිපතිවරයෙක්  ලෙස පත්වීමට සුදුසුකම් ලැබිය හැකි සුදුසුකම්  සහිත අය තමයි මේ අවස්ථා හතරේදීම නම් ඉදිරිපත් කරලා තිබෙන්නේ.

ජනාධිපතිවරයා විසින් විගණකාධිපති තනතුරට නම් කළ  මේ සියලු දෙනාම වරලත් ගණකාධිකාරීවරු. ජනාධිපතිවරයා අවස්ථා දෙකක දී ඉදිරිපත් කළා ස්ථිර විගණකාධිපතිවරයෙක්  සඳහා නාම යෝජනා දෙකක්. ඒ සියලු දෙනාම ඒ කියන ආකාරයට සුදුසුකම් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉල්ලා සිටින නිර්ණායකවලට අනුව සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින්.

ඒ වගේම තව නම් දෙකක් ඉදිරිපත් කළා විගණන දෙපාර්තමේන්තුවේ  දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම විගණන නිලධාරින් දෙදෙනෙක්.  ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපති සහ ඊලඟට ඉන්න තැනැත්තා ගෙ නම් යෝජනා කළා.  මේනම් සියල්ල ව්‍යවස්ථා දායක සභාව ප්‍රතික්ෂේප කරලා තියනවා.

කඩාකප්පල් කාරී වැඩක්

ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට  සුදුසුකම් සහිත විගණකවරුන් 04 දෙනෙකුගේ නම් ඉදිරිපත් කර තිබිය දී ව්‍යවස්ථා දායක සභාව දිගින් දිගටම ඒ අනුව කටයුතු නොකරනවා නම් එයින් පෙන්නුම් කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය හෝ රාජ්‍ය ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට හිතාමතාම ඔවුන් කටයුතු කරනවයි කියන එක.

මොකද ව්‍යවස්ථාදයක සභාවට අයිතියක් නෑ… එවන නම් ව්‍යවස්ථාවේ තිබෙන ආකාරයට සුදුසු නම් ඒ ඕනම කෙනෙක් විගණකාධිපති ධූරයට ගැලපෙනවා නම් ඊට වඩා සුදුසු කෙනෙක් එළියේ ඉන්නවාය හෝ වෙන තැනක ඉන්නවාය කියලා ප්‍රතික්ෂේප කරන්න. එහෙම අයිතියක් ව්‍යවස්ථාදයක සභාවට නෑ. ව්‍යවස්ථාදායක සභාවට සලකන්න තියෙන්නේ එවන නම් ව්‍යවස්ථාවේ සඳහන් නිර්නායක සහිත විගණකවරයෙකුට ගැලපෙනව ද නැද්ද කියන එක විතරයි. එසේ නොවේ නම් සුදුසුකම් සහිතව එවන නම් පත් නොකර සිටීමේ අයිතියක් ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයින්ට නෑ.

එළියේ ඉන්න පුලුවන් කියලා කෙනෙකුට කියන්න පුලුවන් අරයා හොඳයි මෙයා හොඳයි කියලා.  ඒත් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් දක්වා ඇති ආකාරයට සුදුසුකම් සහිත අයගේ නම් 04ක් යවලා තියනවා. ඒ හතරම මේ අය භාර අරන් නෑ. මම හිතනවා ඒක සැලකිය යුතු තත්ත්වයක්.

මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්. මෙහෙම වැඩ කරන්න බෑ. රටක් ඉදිරියට අරගෙන යෑමේ දී ජනාධිපතිවරයාට සුවිශාල වගකීමක්  පැවරෙනවා. ඒ විධායකය සතු බලතල යම් ප්‍රමාණයක් තමයි ව්‍යවස්ථාදායක සභාවට පැවරුවේ  ව්‍යවස්ථා සංශෝධන මගින්… ව්‍යවස්ථා දායක සභාවේ කටයුතු කරන අය තමන් එම තනතුරට පත් වීමෙන් පසුව  ඉතාම පටු සීමාවන් තුළ කටයුතු කරනවා නම්, ජාතික අවශ්‍යතාවයක් නොලසකා කටයුතු කරනවා නම්, රට ඉදිරියට යෑම ගැන අබමල් රොණක හැඟීමක් නැතිව කටයුතු කරනවා නම් රාජ්‍යයක්  ඉදිරියට යන්නට අමාරුයි.

ඒ නිසා ව්‍යවස්ථාදයක සභාවේ සාමාජිකයින්ට වගකීමක් පැවරෙනවා මේ සම්බන්ධයෙන් ඉතා පුලුල්ව  හිතන්නට. එහෙම නැතිව මේ කටයුතු කරන්න බෑ. ජනාධිපතිවරයා සුදුසුකම් සහිත විගණකවරු අවස්ථා විගණකවරු  ඉදිරිපත් කළාම අවස්ථා 04ක දී ව්‍යවස්ථා දායක සභාව තාම අනුමැතිය ලබා දීලා නැත්තේ.  ඔවුන්ගේ සීමා ඉක්මවා යමින් කටයුතු කරන බව තමයි පෙනෙන්නේ.

ව්‍යවස්ථාදායක සභාවට අප කියන්නේ ඔබට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කරන්න. රට ගෙනයෑම සම්බන්ධයෙන් හිතලා කටයුතු කරන්න. පුලුල් දැක්මක් ඇතිව කටයුතු කරන්න. රටක් බංකොලොත් භාවයට පත් වෙලා තිබිලා ගොඩගනිමින් සිටින අවස්ථාවක ආපදාවෙන් ආර්ථිකයට බලපෑම් ඇති වෙලා තියන වෙලාවක ඔබගේ පටු සීමා තුළ කටයුතු කිරීම සුදුසු නෑ.

ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල මහ නගර සභාවේ මැර ගාලගෝට්ටිය මැද කම්පනයට පත් වී රෝගී වුන ගාල්ල නාගරික ලේකම්වරිය රෝහල්ගත කරයි…

Next Post

සජබ සහ එජාප එක්වන ලකුණු පල කරමින් සජිත් එජාප නායකයින් හමුවෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.