හැටන් රන්ජිත් රාජපක්ෂ –
වටවල පොලිස් වසමට අයත් වටවල වත්තේ ගෙවත්තක වළදමා තිබු බිලිඳු මළ සිරුරක් අද (22) දින පස්වරුවේ හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස් විනායගමුර්ති ඉදිරියේ වටවල පොලිසිට මගින් ගොඩගනු ලැබුවේය.
මිට දින කිහිපයකට පෙර සයමසක් පමණ වන දරු ගැබ ගබ්සා කර රැගෙන බිලිඳාගේ මව සහ අනියම් සැමියා විසින් ගෙවත්තේ වළ දමා ඇති බවට වටවල පොලිසියට අද (22) දින ලද තොරතුරක් මත බිලිඳා වළ දමා තිබු ස්ථානය සොයා ගෙන ඇත.
සැකකාර මව සහ අනියම සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, සැකකාර කාන්තාව අවුරුදු 46ක වයසැති දෙදරු මවක් බවත්, සැකකාර කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අයකු බවත් පොලිසිය කියයි.
සැකකාර කාන්තාවගේ වැඩිමහල් දියණිය විවාහක කාන්තාවක් බවත්, ඇයගේ සැමියා බිළිඳා වළ දැමිමට ගෙවත්තේ වළ කපා දි ඇති බවට තොරතුරු ලැබි ඇති බවත් පොලිසිය කියා සිටියි.
ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වටවල පොලිසියට නියොග කළේය.
සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වටවල පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.