වසර හතරක් මහ කැලයේ ජීවත් වෙමින් සිටි පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්…

දිනසේන රතුගමගේ –

මඩකලපුවේ පට්ටිපලෙයි තණ්ඩමාලෙයි මහ කැළයේ ගල් ගුහාවක ජීවත් වෙමින් සිටියදී හමු වූ පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බව  ප්‍රජාතන්තරවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක එස්.නගුලේස්වරන් අද ( 10 ) පැවසීය.

වසර හතරකට වඩා වැඩි කාලයක් මොහු එම ගල්  ගුහාවේ ජීවත් වී ඇති අතර වැඩි වශයෙන කැලෑ පළතුරු අනුභව කරමින් ඔහු කල් ගෙවා ඇති බවත් හිටපු එල්.ටී.ටී.. සාමාජිකයින් විසින් පිහිටුවා ගන්නා ලද දේශපාලන පක්ෂයේ ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඔහු එම සංවිධානයේ සිටි කාලයේදී ඩෙවිඩ් යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ලද බවත් ඔහු මඩකලපුව පලාතේ බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවත් පවසන පක්ෂයේ ප්‍රකාශකවරයා මේ වන විට  ඔහු අසනීප තත්ත්වයකින් පෙළෙන බවද ප්‍රකාශ කළේය.

මොහු නිවසින් අතුරුදහන් වීමෙන් පසුව ඔහුගේ ඥාතියෙකු ඔහු පිළිබඳව සොයා බලා ඇතත් ඔහු ගැන  කිසිදු ආරංචියක් නොමැති තැන ඔහු සෙවීම අත්හැර දමා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහ කැළයට ගිය පුද්ගලයෙකු ඔහුව දැක තොරතුරු හෙළි කිරීමෙන් පසුව කණ්ඩායමක් ඔහුව ගිලන් රථයක ආධාරයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කොට තිබේ.

Exit mobile version