දැනට රැඳවුම් නියෝග යටතේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට ඊයේ (16) අධිකරණය විසන් අවසර ලබා දුන්නේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේ, අධිකරණ නියෝග නො තකමින් පසුගිය අගෝස්තු මස 19 වැනි දා කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා මෙම දෙදෙනාගේ මූලිකත්වය මත පා ගමනක් සංවිධාන කර තිබූ බව යි.
ඒ අනුව එම පාගමන සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග යටතේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගෙන් සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශ ලබාගත යුතු බව පොලිසිය කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඊයේ (16) ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිසියට වසන්ත මුදලිගේ ගෙන් සහ සිරිධම්ම හිමිගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබා දුන්නේය.