දිනසේන රතුගමගේ –
කොරෝනා මර්දන එන්නත් ලබා දීමෙන් පසුව වවුනියාව හා කිළිනොච්චි ප්‍රදේශ වල ඇගලුම් කම්හල්සේවක සේවිකාවන් 45 දීන්කු අසාත්මිකතාවයකට ලක් වූයේ එන්නතේ දෝෂයක් නිසා නොව ඔවුන්ගේ මානසික ආතතිය නිසා බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළේය.
මේ පළාත් දෙකේම ඇගලුම් සේවක සේවිකාවන්ට සයනෝෆෝම් එන්නත ලබා දී ඇති බවත් එම එන්නත් අහේතුවෙන් වෙනත් කීස්දු බාහිර පුද්ගලයෙකු අසාත්මිකතාවයක් නොදක්වා ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් පමණක් අසාත්මිකතාවයන්ට පත් වූයේ එම හේතූන් නිසා බවද එම කාර්යාලය සදහන් කොට තිබේ.
ඇගලුම් කම්හල් වල සේවක සේවිකාවන් ප්‍රකාශ කළේ එන්නත ලබා දුන් දිනයට පෙර දිනයේද එන්නත ලබා දුන් දිනයට පසු දිනයේද ඔවුන්ට සේවයට යාමට සිදුව තිබීම නිසා සේවක සේවිකාවන් විශාල පිරිසක් දැඩි තෙහෙට්ටුවකින් සිටි බවයි.
කෙසේ වෙතත් සේවක සේවිකාවන් අසාත්මිකතාවයට පත් වීමත් සමගම ඇගලුම් කම්හල් තාවකාලිකව වසා දමා පසුව යළි ඒවායෙහි කටයුතු ආරම්භ කොට තිබේ.