අධිකරණය මගහැරීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක අද (22) මහනුවර අධිකරණය හමුවේ පෙනී සිටියේය.
නීතීඥ මනීෂ සෙනෙවිරත්න මගින් රංජන් රාමනායක අද (22) අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ නඩු දින අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් යා ඔහුට දැඩි ලෙස අවවාද කළ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් රාෆි විසින් වරෙන්තුව යළි කැඳවනු ලැබීය.
රංජන් රාමනායක ට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබිණි. ඒ මහනුවර පාසලක ගුරුවරියකට විවාහ පොරොන්දු දී ලබාගත් රුපියල් ලක්ෂ 10 ක මුදලක් යළි ලබා නොදීම සම්බන්ධයෙන් ගුරුවරිය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළවය.
එම නඩුව ඊයේ (21) කැඳවනු ලැබුවේය.
එම අවස්ථාවේ චූදිත රංජන් රාමනායක අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අතිරේක සහේස්ත්රාත් මොහොමඩ් රාෆි මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේය.
පෙර ඇප මත මුදා හරිනු ලැබූ රංජන් රාමනායකට යළි සැප්තැම්බර් මස 06 දින අධිකරණයේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්රාත්වරයා නියෝග කළේය.