සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරෙන්තුකාරයො, පච්චා කොටාගත්තු රස්තියාදුකාරයො, අපරාධකාරයො ශාසනයට ඇතුළු වෙලා… නොපමාව වැට බැඳිය යුතු බව මල්වතු මහා නාහිමියෝ කියති!

by editor
නොවැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

විවිධ අපරාධ වලට  සම්බන්ධ ශරීරයේ පච්ච පවා කොටාගත් පුද්ගලයින් අද ශාසනයට ඇතුළත්ව සිටින බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

මේ අතර වරෙන්තු කරුවන් පවා සිටින බවද උන්වහන්සේ පවසති.

තෛනිකායික භික්ෂු වහන්සේලාගෙන් සමන්විත ශාසන විමර්ශන මහා සභාව ඊයේ (11)  මහනුවරට පැමිණ බුදු දහමේ පැවැත්මට උද්ගතව පවතින ගැටලු හා ශාසන විරෝධී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානායක හිමිවරු දෙනම දැනුවත් කිරීමේ සන්දේශය පිළිගැන්වූ අවස්ථාවේ මහානා හිමියෝ මේ බව පැවසූහ.

මෙහිදී තවදුරටත් අදහස් පල කළ මල්වතු මහා නා හිමියෝ මෙසේද කීහ.

“මේ වන විට ශාසනයට ඇතුළත්ව ආගමික සිද්ධස්ථානවලට සම්බන්ධව මෙන්ම වනගතව මෙවැනි පුද්ගලයින් සිටීම හේතුවෙන් බුද්ධ ශාසනයේ මෙන්ම භික්ෂු ශාසනයේ බරපතළ ව්‍යාකූල  තත්ත්වයන් උද්ගතව පවතිනවා.”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“නුසුදුසු පුද්ගලයින් සසුන් ගතවීමෙන් බුදුදහම විනාශ වෙනවා. පිරිහෙනවා .මේ ගැටලු සම්බන්ධයෙන් සංඝ කතිකාවක් ගෙන එන්න මා බොහෝ කාලයක සිට උත්සහ කළා. කතිකාවත සම්මත වුණා .  ඉදිරියට ගෙන යාම සඳහා මේ සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යවරු නිලධාරීන් කොතෙක් දැනුවත් කළත් කිසිම රජයකින් ඒ සඳහා සහායක් ලැබුනේ නෑ. ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා මේ සංඝ කතිකාවට විරුද්ධ වුණා. අද මේ රටේ බුද්ධ ශාසනය පිරිහෙමින් පවතිනවා. මේ විදියට ගියොත් පෙර සමයේ මෙරට සිටි ගණින්නාන්සේලාගේ තත්වයට භික්ෂූන් වහන්සේ පත්වන එක නවත්වන්න බෑ.”

“දැනටමත් ඒ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. වරෙන්තුකාරයෝ, ශරීරයේ පච්ච කොටා ගත් පුද්ගලයෝ, විවිධ නීති විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වූ පුද්ගලයෝ දැන් ශාසනයට ඇතුළත් වෙලා වනගත වෙලා ඉන්නවා. භාවනා කරනවාලු. නුසුදුසු පුද්ගලයෝ චීවරයට මුවා වෙලා ඉන්නවා. මම අවුරුදු 60 දි මේ තනතුරට පත්වුණේ. දැන් අවුරුදු 81 ක් වෙනවා. බුද්ධ ශාසනයේ පිරිහීම සම්බන්ධයෙන් විවිධ කතිකාවත් ගොඩනගන්න උත්සාහ කළා. ඒවා අතරමඟදී නවතිනවා. ”

“භික්ෂූන් වහන්සේ උදෙසා විධිමත් හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා මා නොයෙක් වර පැවති රජයන්ගෙන් බුද්ධ ශාසන අමාත්යාංශයෙන් ඉල්ලීම් කළා. ඒකේ වැඩ පටන් ගත්තත් මගදී නවතා දැම්මා. ඕක තමා තතත්ත්වය. කිසිම රජයකින් මේ සඳහා සහයෝගයක් ලබා දුන්නේ නෑ. රටේ ජාතික ගැටලුවක් උද්ගත වූ සෑම අවස්ථාවකම අපි ත්‍රෛනිකායික මහා නා හිමිවරු ඒ වෙනුවෙන් පෙනී සිටියා. නිවේදන නිකුත් කළා. මේ අවස්ථාවෙත් අපි සියලු දෙනා එක්ව කටයුතු කරනවා. ඒකයි සිදුවිය යුත්තේ.  සම්බුද්ධ ශාසනය විනාශ වීමට ඉඩ දෙන්න බෑ. කඩිනම් පිළියම් යෙදිය යුතුයි.”

මෙම අවස්ථාවට ශාසන විමර්ශන මහා සභාවේ ලේකම් පූජ්‍ය  රොටුඹ අමිල, පූජ්‍ය  බෙන්ගමුවේ නාලක, පූජ්‍ය  තල්පිටියේ චන්දරතන, පූජ්‍ය  අඟුලු මුල්ලේ ජිනානන්ද, පූජ්‍ය  තෙරිපැහ මේධංකර, පූජ්‍ය  නාමල් තලාවේ දමිතරතන, පූජ්‍ය  තලගල සුමනරතන, පූජ්‍ය  අතපත්තුකන්දේ ආනන්ද, පූජ්‍ය  තල්විටිගේ චන්දරතන, පූජ්‍ය  වටිනාපහ පේමරතන යන හිමිවරු සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලා යන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලබන 28 දා ලංකාවට…

Next Post

හිටපු ධාවන ශූරී ශිවන්ති ජයතිලක ආසියානු ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා උළෙලේ පදක්කම් තුනක් සමග පරණ මතක අලුත් කරයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.