අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරායට ඇතුළුවීම වැලැක්වූ නිසා ප්‍රවේශයේ නැංගුරම් ලා සිටින චීන පොහොර නැවේ පැටිකිරිය…

by editor
ඔක්තෝබර් 23, 2021
in පුවත්
Hippo-Spirit

චීන පොහොර නැව...

Share on FacebookShare on Twitter

ව්‍යාධි ජනක නොමැති බවට ශ්‍රි ලංකාවේ පර්යේෂණාගාරවලින් තහවුරු වන්නටත් පෙර නැව්ගත කරන ලද ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන්  අඩංගු  කාබනික පොහොර තොගය සහිත චීන නෞකාව ශ්‍රී ලංකාවෙන් කළ ප්‍රතික්ෂේප කිරීම් නොතකා කොළඹට පැමිණ මේ වනවිට  ඇතුළු වරයාට ප්‍රවේශ වීමට අවස්ථාව නොමැතිව වරායෙන් පිටත නැංගුරම් ලා ඇත.

Hippo Spirit නැමැති මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව  ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත කාබනික පොහොර  මෙට්‍රික් ටොන් 15000- 20000ක් ප්‍රමාණයක් සහිතව  පසුගිය මස 23 දා චීනයේ ක්වින්ඩාවෝ වරායෙන්  පිටත්වූයේ    ඔක්තෝබර් මස 06 වැනිදා කොළඹ වරායට සේන්දු වීමේ සැලැස්ම සහිතවය.

එහෙත් පොහොර  සාම්පල්වල ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත බව තහවුරු වීමත් සමග   පොහොර තොගය ප්‍රතික්ෂේප වූ අතර ඒ වනවිටත් ගමන් අරඹා තිබූ නෞකාව සිංගප්පූරු වරයාට ගමනාන්තය වෙනස් කළේය.  පසුගිය 02 දා නෞකාව සිංගප්පූරු වරායට  ඇතුළු විය.

සිංගප්පූරු වරායේ නැංගුරම් ලෑ පසු නෞකාවල  ගමනා ගමනය දක්වන ඒඅයිඑස් දත්ත පද්ධතියට අදාලව මෙම නෞකාව  යාවත්කාලීන වී නොතිබුණි.   පසුගිය 15 වැනිදා සිට එහි ගමන් මාර්ගය පෙන්වා තිබුණේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පොහොර තොගය ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත බැවින් ප්‍රතික්ෂේප වූ මුල්ම අවස්ථාවේ දී චීන තානාපති  චී. ජෙන්හොන් විසින් අවවාදාත්මක ස්වරයෙන් යුතු නිවේදනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණේය. ඒ අතර පොහොර තොගය ප්‍රතික්ෂේප වූ බවත් එය අනවශ්‍ය බවත් දන්වා තිබෙද්දී මෙම නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණේ බලහත්කාරයෙනි.

චීනයේ ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක්ක් ගෘෘප් නැමැති මෙම පොහොර  සමාගමේ අධ්‍යක්ෂිකා සොං හෙයි මෙයි විසින් ඊයේ (22) කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන් ගණනාවකට ලිපියක් එවා දන්වන්නේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා චීනයෙන් පිටත් වු  පොහොර තොගය සහිත නෞකාව  ඔක්තෝබර් 22 වැනිදා කොළඹ වරායවට සේන්දු වන බවය.  ඒ ලිපිය එන තුරු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් ක්ෂේත්‍රයේ වගකිවයුතු නිලධාරියෙක් පොහොර නැවේ පැමිණීම පිළිබඳ නිල වශයෙන් දැනුම්වත් වී සිට නැත.

Qingdao seawin biotech group
ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක්ක් ගෘෘප් සමාගම

ශ්‍රි ලංකාව රටක් ලෙස ප්‍රතික්ෂේප කරද්දී මෙම පොහොර තොගය කොළඹට එවන චීන පොහොර සමාගම  සිය ලිපියෙන් රටේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වන්නේ    ශ්‍රී ලංකාවේ නිරෝධායන පර්යේෂණාගාරයේ පර්යේෂණ ගුණාත්මක තත්වයෙන් යුතු නැති බවය.

මේ බලහත්කාරී තත්වය තුළ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත සිල්වා හාබර් මාස්ටර් වෙත ලිඛිතව දන්වා ඇත්තේ මේ පොහොර තොගය සහිත නෞකාව ඇතුළු වරායට ප්‍රවේශ වීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසය.

මෙම පොහොර තොගය ලංකාවට ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා රජය තීරණය කර නොමැති බවත්, මෙම පොහොර තොගය රැගෙන පැමිණෙන ලෙස කිසිම අවස්ථාවක සමාගමට  දන්වා නැති බවත්, එසේ ගෙන්වීමට නම්  ලංකාවේ ආයතන කීපයකින් ලිඛිත අවසරය ලැබිය යුතු  වුවද එවන්  අනුමත වූ වලංගු නිල ලේඛනයක් අදාල සමාගමට ශ්‍රී ලංකා රජයෙන් කිසිම අවස්ථාවක යවා නැති බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හාබර් මාස්ටර් වෙත දන්වා තිබේ.

එබැවින් කිසිදු හේතුවක් මත මෙම නැවේ කිසිම භාණ්ඩයක්  වරාය තුළට අතුළු කිරීමට  හෝ කිසිදු හේතුවක් මත නැව ඇතුළු වරායට සේන්දු වීමට ඉඩ නොතැබීමට කටයුතු කරන මෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා   ඉල්ලා තිබේ.

එම ලිපියේ පිටපතක් ඔහු   චීන පොහොර සමාගමට ද යොමු  කිරීමට  කටයුතු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ රටේ ජනතාව මා පත් කළේ හාල්වල පරිප්පුවල මිල ගණන් බලන්න නෙමෙයි… ජනපති කියයි!

Next Post

චීන පොහොර නැවට සල්ලි ගෙවන්න එපා! වාණිජ අධිකරණයෙන් නියෝගයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.