ශ්‍රියානි විජේසිංහ –
වදුරු උණ හෙවත් මන්කිපොක්ස් රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමේ පහසුකම් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව පවතින බව වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා සඳහන් කරයි.
වදුරු උණ රෝගය මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ආවේක්ෂණ කටයුතු නිරන්තරයෙන් රට තුළ සිදු කරන බවත් කිසියම් රෝගියකු වාර්තා වුවහොත් ප්‍රතිකාර පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම රෝගය වැළදුණු රෝගීන් ආසියාතික කලාපයේ වාර්තා වීම කෙසේද යන්න සම්බන්ධයෙන් නිරතුරු ආවේක්ෂණ කටයුතු කරන බවත් ලෝක තත්ත්වය සම්බන්ධයෙන් ආවේක්ෂණයේ නිරත වන බවත් ඔහු පැවසුවේය.
වඳුරු උණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර මෙම වයිරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම ද පසුගියදා සිදු කෙරිණ.
වදුරු උණ වැළදුණු කිසිදු රෝගියෙක් මෙතෙක් මෙරටින් වාර්තා වී නොමැති අතර මෙම වයිරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡා මේ වන විට ක්‍රියාත්මක බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.







