වඳුරු උණ ( monkeypox ) වයිරසය ආසාදිතයින් මෙරටට සිටින්නේදැයි සොයා බැලීමේ පරික්ෂණ අද (8) ආරම්භ කරන බව කොවිඩ් රෝග සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේය.
මෙම පරික්ෂණ සිදුකිරීම සඳහා ලෝක සෞඛ්‍ය සවිධානය මගින් පරික්ෂණ කට්ටල ලැබී ඇති බව වෛද්‍ය හම්දානි සඳහන් කරයි.
අදාල පරික්ෂණ කට්ටල තොගය කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට සහ මහනුවර මහ රෝහලට ලබා දෙන බවද හෙතෙම පැවසීය.
මේ අනුව මන්කිපොක්ස් රෝග ලක්ෂණ පවතින රෝගීන් හඳුනා ගැනීම ආරම්භ කර ඇතැයි ද වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.
.