මනම්පිටිය නිමල් ජයරත්න –
වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩාව වන අලි විසින් කඩා එහි වී මිටි කිහිපයක් ආහාරයට ගෙන ගබඩා දොරටුව ද විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමණාකරු නිමල් ඒකනායක පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බවද පොලිසිය කියයි.
මෙම ගබඩාවට මුරකරුවෙකු නොමැති අතර 16 වෙනිදා අලුයම මෙම මෙම වන අලි ප්‍රහාරය සිදුවී ඇති බවද නිමල් ඒකනායක අප කළ විමසීමකදී පැවසීය.
වන අලි ප්‍රහාරයෙන් වී මිටි කිහිපයට හානි සිදුව තිබෙන බවත්, එම අලියා වි මිටි දෙක තුනක් ගිල දමා ඇති අතර ගබඩාවේ දොරටුවද කඩා බිඳ ඇති බවත් ඒකනායක මහතා කීවේය,,







