දිනසේන රතුගමගේ –
වනජීවී නිලධාරීවරුන්ගේ හා එහි වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයකින් තොරව වවුනියාවේ කනගරායන්කුලම් පුදූර් ප්‍රදේශයේ තුවාල සහිතව වැටී සිටි දළ ඇතාට ප්‍රතිකාර කළ බාහිර පුද්ගලයින් සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
මාසයක පමණ කාලයක් මෙම දළ ඇතා මේ ස්ථානයේ තුවාල සහිතව වැටී සිටියදී වනජීවී නිලධාරීන් හා ඔවුන්ගේ වෛද්‍යවරු ක්‍රමවත් වැඩ පිළිවෙළක් යටතේ දළ ඇතාට ප්‍රතිකාර කළ අතර හදිසියේම එම ස්ථානයට පැමිණි බාහිර පුද්ගලයින් පිරිසක් ඇතාව බැකෝ යන්ත්‍රවල ආධාරයෙන් නැගිට්ටුවා ප්‍රතිකාර කිරීමට යාම නිසා දළ ඇතා මියගිය බව වන ජීවී නිලධාරීන් ප්‍රකාශ කළේය.
මියගිය දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි වාර්තාව මේ දක්වා නිකුත් කොට නොමැත.
මියගිය දළ ඇතාව 12 දා පාංශුකුලය ලබාදීමෙන් පසුව මිහිදන් කොට තිබේ.