ශ්‍රියානි විජේසිංහ –
වතුකරයේ ජනතාව අතර මේ දිනවල බෙදාහරිමින් පවතිනවායැයි පැවසෙන කෘත්‍රීම විෂ සහිත රා පිළිබඳව සොයා බැලීමට ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අවධානය යොමුව ඇති බව එහි අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන සඳහන් කරයි.
මේ වන විට වතුකරයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් සියලුම විස්තර ඉල්ලා ඇති බවත් පවසන අධ්‍යක්ෂවරයා විෂ සහිත කෘත්‍රීම රා පරික්ෂා කිරීමේ පහසුකම් විෂ තොරතුරු මධ්‍යස්ථානය තුළ නොමැති බවද පැවසුවේය.
කෙසේ නමුත් මෙම කෘත්‍රීම විෂ සහිත රා සාම්පල රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර පරික්ෂා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙවැනි විස සහිත ආහාර පාන මහජනතාව අතර බෙදා හැරීම පිලිබඳව විෂ තොරතුරු මධ්‍යස්ථානය අවධානයෙන් පසුවෙන බවද විශේෂඥවරයා ලංකාසර කළ විමසුමකදී සඳහන් කළේය.







