වත්තේගම පොලිස් වසමට අයත් මඩවල මහවංගුව දික්හින්න ප්රදේශයේ නිවසක ගෙපලක් කපමින් සිටි 04 දෙනෙක් කඩා වැටුණු පස් කන්ඩියකට යටවී ඇති ඉන් තිදෙනකු මිය ගොස් ඇත.
අද (07) පස්වරුවේ සිදුවූ මෙම සිදුවීමෙන් යටවූ දෙදෙනකු ඒ අවස්ථාවේදීම ගොඩට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා පසුව ගොඩගෙන වත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් තිදෙනකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එක් අයකු වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල ඇතුළත් කර ඇත.
මිය ගිය තිදෙනා පූජාපිටිය, මඩොල්කැලේ සහ කැටබුල යන ප්රදේශවල දිංචිකරුවෝ වෙති. මේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.