අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වජිර අබේවර්ධන රේගුවට බලපෑම් කළේ නෑ… ආයාචනා කළා… රේගු මාධ්‍ය ප්‍රකාශක කියයි!

by editor
ජූලි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රත්තරන් තොගයක් නිදහස් කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට කර තිබුණේ බලපෑමක් නොව ආයාචනයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පවසයි.

මන්ත්‍රීවරයා එම ආයාචනාව විධිමත්ව කර තිබූ බව කියන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ ඕනෑම භාණ්ඩයක් රාජසන්තක කිරීම සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ඍජුව හෝ වක්‍රව රේගුවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බණ්ඩාරනායක ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂකට යැවූ ලිපිය…

රේගුව මෙම ප්‍රකාශය කරනු ලබන්නේ    රාජසන්තක කළ කෝටි එක හමාරක රත්තරන් තොගයක් වජිර අබේවර්ධනගේ බලපෑම මත  රුපියල් ලක්ෂයකට ආසන්න බදු මුදලකට යටත්ව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීම සම්බන්ධව ලිඛිත සාධකත් සමග  ලිපියක් අන්තර්ජාලයේ පලවීමත් සමගය.

පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙමින් සිටි කාන්තාවක් රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට තැත්කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

රේගු පරීක්ෂණයේදී කාන්තාව නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙනවිත් ඇති බවට තීරණය වූ නිසා රුපියල් ලක්ෂයක දඩයක් සමඟ භාණ්ඩ රාජසන්තක කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කෙසේ වෙතත් එම කාන්තාව පසුව මේ බව මන්ත්‍රී අබේවර්ධන වෙත දැනුම්දී ඇති අතර මන්ත්‍රීවරයා විසින් මුදල් ඇමතිවරයාවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට එම ඉල්ලීම යොමු කර තිබුණු බව වාර්තා වේ.

අනතුරුව මන්ත්‍රී අබේවර්ධන මෙම රන් ආභරණ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයාට  ට අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි ද   එම අභියාචනය රේගු අභියාචනා කමිටුව වෙත යොමු කර තිබූ  බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

රේගු අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ප්‍රධානියා නියෝග කර තිබුණේ අදාළ රන් ආභරණ නියමිත බදු ගෙවීමට යටත්ව එහි හිමිකරුට නැවත ලබාදෙන ලෙසයි.

රේගු පරීක්ෂණයකදී ලබා දුන් නියෝගය සාධාරණ නොවන බව හැඟේ නම් අත්අඩංගුවට ගත් හෝ රාජසන්තක වූ භාණ්ඩ නැවත ලබා ගැනීමට නිසි ක්‍රියාවලියක් තිබේ නම් ඕනෑම අයකුට රේගු අධ්‍යක්ෂවරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ පළමු නියෝගය අවලංගු කර පවතින බදුවලට යටත්ව එම රන් භාණ්ඩ නිදහස් කරන ලෙස නියෝග කර තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනතුරින් මරණ 11 යි… නැගෙනහිර සරසවියේ සිසුන් දෙදෙනෙක් කොටලීය බස් අනතුරින් අවසන් ගමන් යති!

Next Post

මාධ්‍ය බොරු කියනවා… කඩිනම් පරීක්ෂණයක් අවශ්‍යයයි… රේගුවේ රත්තරන් ප්‍රශ්නයට වජිර සී.අයි.ඩී යයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.