මහ කන්නයේ වගා හානි වූ සියලු ගොවීන්ට වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහිනිදානන්ද අලුත්ගමගේ පැවසුවේ ඒ සඳහා රුපියල් මිලියන හතලිස් දහසක මුදලක් වෙන් කරන බවය.
“ හෙක්ටයාර ලක්ෂ 08කට ආසන්න ප්‍රමාණයක් වී ගොවිතැන් කරපු ගොවීන සඳහා ඔවුන්ගේ අස්වැන්නේ හානියක් සිදුවුනා නම් ඒ සඳහා වන්දි ලබා දෙන්න කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. “
ඒ සඳහා මිලියන හතලිස් දහසකට ආසන්න මුදලක් රජය විසින් වෙන් කරනවා. ඒ අනුව මේ වනවිට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී මට්ටමින් මේ වනවිට අප ගොවීන්ගේ අස්වැන්න ගැන දත්ත එකතු කරමින් යනවා. සමස්ථ මහකන්නය වගා කළ සියලුම ගොවීන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපි මේ වන්දිය ලබා දෙනවා.