ලෝක සෞඛ්‍ය සංවිධනය විසින් කොරෝනා වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් චීනය තුළ සිදුකිරීමට යෝජනා කළ දෙවන විමර්ශනයට චීනය රජය විරෝධය පළකර තිබේ.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී සෙන්ග් යික්සින් බිජිං නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ දෙවන විමර්ශනයට තරම රජය එකඟතාව පළ නොකරන බවයි.
“අපි කිසිම ආකාරයකින් වෛරසය ආරම්භ වීම ගැන මෙවැනි පරීක්ෂණයකට එකඟ වෙන්නේ නැහැ. මේක සාමන්‍ය දැනීමටත් විද්‍යාවටත් පටහැනි ක්‍රියාවක්. ඉතින් මේ වගේ දෙයකට කොයිම විදිහකටවත් එකඟවෙන්න බැහැ.” යනුවෙන් ඔහු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මීට දින කිහිපයකට පෙර කොරෝනා මූලාරම්භය පිළිබඳ චීනය තුල දෙවන විමර්ශනයක් කිරීමට හේතුව ලෙස ප්‍රකාශ කර සිටියේ වෛරසය ආරම්භ වූ මුල් දින කිහිපය පිළිබඳ ප්‍රමාණවත් දතත් නොමැති වීම බවයි.
මේ සම්බන්ධනේ චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා පවසා සිටියේ ඇතැම් දත්ත පුද්ගලික ආරක්ෂාව පිළිබඳ ඇති ගැටලු හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ හුවමාරු කරගැනීමට නොහැකි බවයි.
අදාල විමර්ශනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දේශපාලන අභිමතාර්ත වලින් තොරව විද්‍යාත්මක පදනමක්මත සිදු කළයුතු බවද යික්සින් පවසා තිබේ.
මීට පෙර ඇමරිකා එක්සත් ජනපත රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වූහාන් හී පර්යේෂණාගාරයක විද්‍යාඥයින් පිරිසක් පළමු කොරෝනා රෝගියා වාර්තා වීමට පෙර ඊට සමාන රෝග ලක්ෂණ පෙන්වමින් රෝහල් ගතවීමක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මේ සම්බන්ධයෙන් යික්සින් ප්‍රකාශ කර සිටියේ එවැනි ආකාරයෙන් කිසිම විද්‍යාඥයෙක් රෝගාතුර වීමකට ලක්ව නොමැති බවයි.
මේ අතර බීජිං හි පැවති මාධ්‍ය හමුවට එක්වූ චීන බලධාරීන් කියා සිටියේ කොරෝනා වෛරසයේ ආරම්භ පිළිබඳ කෙරෙන පරීක්ෂණ චීනය පමණක් සීමා නොවී වෙනත් රටවලද සිදු කළයුතු බවයි.