අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ලෝක කුසලාන අවසන් තරගයේ සැක සහිත අවස්ථා 24 ක් ගැන මම තොරතුරු දුන්නා”

by Lanka Sara Editor
ජූනි 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධ විශේෂ වාර්තාවක් අද (24 දා) හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පොලිස් විමර්ෂණ ඒකකයට භාර දුන් අතර අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමැතිවරයා පවසා සිටියේ තමාට සැක සහිත කරුණු 24 ක් අදාළ ලිපි ලේඛනවලට ඇතුළත් කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, “2011 තරග පාවාදීමක් සිදු වුණාද කියලා මම විශ්වාස කරනවා. මේ තරගය පරාජය වෙන්න මට සැක හිතුන තැන් 24 ක් පිටු නවයක සඳහන් කරලා තියෙනවා. මට මේ ලිපිය හම්බ වුණේ සති දෙකකට ඉස්සෙල්ලා (ලිපියක් පෙන්වමින්) ක්‍රීඩා අමාත්‍යාංශයේ තියලා. මේ ලිපිය පෞද්ගලික ලිපියක්. ඒ ලිපිය හම්බ වුණාම තමයි මට මේ ගැන ආයෙත් කියන්න පුළුවන් වුණේ. මම ජනාධිපතිතුමාගෙන් සහ ක්‍රීඩා ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා.”

“මට ලැබුණු සහ මා සතුව තිබු තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශණ ඒකකයට ලබා දුන්නා. මගේ පැමිණිල්ල පිටු හයක්. මේකට අවශ්‍ය කරන ලේඛන අටක් මම පොලිස් විමර්ශණ ඒකකයට බාර දුන්නා. මට කියන්න තියෙන්නෙ මම 2011 ලෝක කුසලානට සහභාගී වුණා. මම තරගය නිරීක්ෂණය කළා. මට පෞද්ගලිකව සැක හිතුණා. මට මේ පිළිබඳව තොරතුරු ලැබුණා. මම මේ පිළිබඳව අයි.සී.සී.ය.ට දැනුම් දුන්නා. මම මේකට අවශ්‍ය නීති රීති රටේ හැදුවා. මට කරන්න පුළුවන් දේ මම කළා. ඒ සියලු දේ කරලා තියෙද්දී අයි.සී.සී.ය කියනවා තවම මේ ගැන රටේ අවධානය යොමු වෙලා නැහැ කියලා.”

ජනතාවගේ අවධානයද 2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධයෙන් යොමුව නැතිව අයි.සී.සී.ය විසින් පවසන බව හිටපු ක්‍රීඩාඇමැතිවරයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“නැවතත් ජනතාවගේ අවධානය මේ සඳහා යොමු වෙලා මෙවැනි දේවල් වලට තිත තියන්න ඕන නිසා තමයි මෙවැනි ප්‍රකාශයක් කළේ. අපි මින් ඉදිරියට මේ ගැන කතා නොකර ඉමු. මේ පිළිබඳ මත පළනොකර ඉමු. මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තියෙද්දීත් ඇතැම් ක්‍රීඩකයන් මේ පිළිබඳව මත ප්‍රකාශ කරලා තිබ්බා. ඒ නිසා දැන් විමර්ශණ ආරම්භ කරලා තියෙනවා. හෙට අනිද්දා වෙන කොට අදාළ පාර්ශ්වයන්ගෙන් කට උත්තර ගන්න එයි. මේ සියලු පාර්ශ්වයන් මේකට සහය පල කරන්න. මේක දේශපාලනය කරගන්න එපා. මේ තරගාවලිය සම්බන්ධ තොරතුරු ලිපි ලේඛණ සියලු දේවල් මම දීලා තියෙනවා.”

මෑත කාලයේ මේ තොරතුරු හෙළි කිරීමට හේතුව සම්බන්ධව අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, “මගේ ළඟ තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට 2018.12.23 එවපු ලිපිය. අයි.සී.සී. දුෂණ විමර්ශණ ඒකකයේ ප්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් තමයි මේ පැමිණිල්ල කරලා තියෙන්නෙ.

මෙතුමා කියනවා ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර වැඩිම තරග පාවාදීම් පැමිණිලි තියෙන්නේ ශ්‍රී ලංකාවට. ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වාගෙන යනවා.”

වසර නවයකට පසුව අදාළ ලෝක කුසලාන පාවාදීමක් වශයෙන් ප්‍රකාශ කිරීම සම්බන්ධව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වෙමින් තිබේ.

නමුත් ඒ සම්බන්ධව ඔහු පවසන්නේ මෙවැනි අදහසකි. “2011 ඔක්තෝම්බර් මාසයේ 30 වැනිදා මම ක්‍රීඩා ඇමැතිවරයා විදිහට අයි.සී.සී.ය.ට පැමිණිල්ලක් කරලා තියෙනවා මේ සම්බන්ධව. ඒක මම පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට භාර දුන්නා. මම දැනගත්තා රටක් විදිහට මේක භයානක තත්ත්වයක් කියලා. අපි රටක් විදිහට ක්‍රීඩාවේ ඉතාම දක්ෂයෝ. අපි ලෝක කුසලාන දිනපු කණ්ඩායමක්. විස්සයි විස්ස ලෝක කුසලාන දිනපු කණ්ඩායමක්. අපි ආසියානු කුසලාන දිනපු කණ්ඩායමක්. මම විශ්වාස කරනවා ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් දක්ෂතම ක්‍රීඩකයන් ඉන්නෙ අපේ රටේ. ලෝක කුසලාන දිනා ගන්න පුළුවන් ක්‍රීඩකයන් ඉන්නෙ අපේ රටේ. මේ ජයග්‍රහණයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තරග පාවාදීම. ලෝකයේ කිසිම රටක තරග පාවාදීම සම්බන්ධව නීතියක් සම්මත වෙලා තිබ්බෙ නැහැ. ඒ නිසා ලෝකයේ පළමු වරට තරග පාවාදීමේ පනත හදන්න මම ක්‍රීඩා ඇමැතිවරයා විදිහට තීන්දු කළා.”

“පළමුවෙනි වතාවට මම මුල පුරපු ක්‍රීඩා වැරදි වැලක්වීමේ පනත 2019 වසරේදී තමයි සම්මත වුණේ. 2019 අංක 24 දරණ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත තමයි ලෝකයේ පළමු පනත. ඉන්දියාවේ හෝ ඔස්ටේ්‍රලියාවේවත් මෙහෙම පනතක් නැහැ. අපි පළමු වරට මෙහෙම පනතක් කළා. එවැනි පනතක් හදලා නීතිගත කරලා තියෙද්දීත් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් වැඩිම පාවාදීම් තියෙන්නෙ ශ්‍රී ලංකාවට කියලා අයි.සී.සී.ය කියනවා.”

Tags: නවතම
Share76Tweet43
Previous Post

මහාචාර්ය හූල් යාපනේ ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක

Next Post

“ලෝක කුසලානය පාවාදුන් බවට සාක්ෂි නැහැ”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.