එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්රී ලංකාව සහභාගිවන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව අද (25 ) ශ්රී ලංකා වෙලාවෙන් 12.30ට සිම්බාබ්වේ බුලවායෝහි දී ආරම්භ වේ.
ශ්රි ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර 07කට පසුවය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තරග දෙකෙන්ම විශාල ජයග්රහණ අත්කරගත් ශ්රී ලංකා කණ්ඩායමේ වෙනසක් අද තරගයේ දී සිදු නොවන බව වාර්තා වේ.
අයර්ලන්ත පිල මේ දක්වා සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව ඇත. ශ්රී ලංකාව හමුවේ අද තරගය පරාජය වුවහොත් අයර්ලන්ත කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.
බී කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ ශ්රී ලංකාව අපරාජිතව පළමු ස්ථානයේ පසුවේ. අයර්ලන්තය එම ඛාණ්ඩයේ සිව්වන ස්ථානයේ පසුවන කණ්ඩායම ය.
බී කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් 3 සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබති.