බී.බී.සී –
මෙවර ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් මිල පහත වැටී ඇති පසුබිමක බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවේ ලෝක වෙළෙඳපලේ මිල ගණන් පහළ වැටී ඇති ආකාරය මෙසේ දැක්වේ.
යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයේ ආසාදනයන් ඉහළ යාම හේතුවෙන්, එහි ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා පනවන නව සීමාකිරීම්වලින් ඉන්ධන ඉල්ලුම පහත හෙළීමට හැකි බවට ආයෝජකයින් උපකල්පනය කිරීම ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවීමට හේතුවී ඇත.
බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 2කින් (2.7%කින්) පහත වැටී, බැරලයක් ඩොලර් 71.52ක් වූ අතර එක්සත් ජනපදයේ බටහිර ටෙක්සස් අතරමැදි (WTI) බොරතෙල් මිල ඩොලර් 2.63කින් (3.7%කින්) පහත වැටී බැරලයක් ඩොලර් 68.23ක් විය.
බ්‍රෙන්ට්, බැරලයකට ඩොලර් 69.28ක අඩුම අගයක් දක්වා පහත වැටුණු අතර, WTI බැරලයකට ඩොලර් 66.04ක් දක්වා පහත වැටුණි.