අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයම අර්බුදයක… නොමැරී ඉන්න… මේ විනය රැක ගන්න….

by editor
නොවැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි –                  

මිනිස්සු මිය යමින් සිටිති.   දිනපතා කොවිඩ් මරණ වාර්තා වෙමින් ඇත. බොහෝ දෙනෙක් මිය යන්නේ නිවෙස් තුළය. තත්වයේ බිහිසුණු කම අවබෝධ කරගැනීමට තවත් කල් මැරිය යුතු නැත.

කොවිඩ් සඳහා ඖෂධයක් හෝ එන්නතක් සොයා ගනු ඇතැයි සිතෙන කාලයක් පිළිබඳ අදහසක්වත් නැත. එවැනි ඖෂධීය ප්‍රතිකර්මයක් නොමැති නම් තුන්වන කොවඩ් රැල්ල ලබන වසරේ මුල් භාගයේ දී බිහිසුණු ලෙස හමා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා ඇත. මේ බිහිසුණු යථර්ථය සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බන්ඩාර මාධ්‍යයට කීවේය. 

මේ සම්බන්ධව පර්යේෂණ කරන ලෝකයේ  පර්යේක්ෂකයන්ගේ උපකල්පනය ප්‍රකාරව  මෙසේ  පැමිණෙන කොවිඩ් වෛරස මේ මොහොතේ පවතින ප්‍රභේදයට වඩා බෙහෙවින්ම භායනක විය හැකිය. 

දැන් අප ඉදිරියේ ඇත්තේ අවබෝධයෙන් ජිවිතය ගෙවා දැමිය කාලයකි. තවත් වසර දෙකක් වත් මේ වෛරසය සමග නොමැරී ජීවත් වීමේ අභියෝගය ලෝකය අභියස ඉතිරි වී ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ ජීවිතය සඳහා විද්වත්හු මාර්ගෝපදේශනය සංග්‍රහයක් ඉදිරිපත් කරති. අප වෙනුවෙන් ඒ මාර්ගෝපදේශනය  ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි. 

අප ඉන්නේ කුමණ අවදානම් මට්ටමක ද?

  ප්‍රධාන අවදානම් මට්ට්ම් 04ක් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනය කරන්නේය.

  1. රෝගීන් පොකුරු නොමැත. රෝගීන් වාර්තා වන්නේ රටෙන් පිට සිට පැමිණි අයගෙන් පමණි. – මිනුවන්ගොඩ කොවිඩ් රෝගියා හඳුනා ගැනීමට පෙර අප ගත කරමින් සිටියේ මේ මට්මය. 
  2. එක් රෝගී පොකුරක් පමණක් හමුවේ.
  3. විවිධ දිස්ත්‍රික්කවල පොකුරු කීපයක් ඇත.
  4. කිසිදු පොකුරකට සම්බන්ධයක් නොමැතිව තැනින් තැන රෝගීන් හමුවේ. ප්‍රජා සම්ප්‍රේකෂණ අවධිය මෙයය. රෝගය සමාජ ගත වී යැයි විද්‍යාත්මකව තහවරු වන්නේ මෙවිටය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හඳුනා ගැනීම අනුව අප දැන් ගතකරමින් ඉන්නේ මේ තුන්වන අවධියේය. 

තුන්වන අවදානම් අවධියේ දී නිරෝධාන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල අය හැසිරිය යුතු ආකාරය ගැන්‍ ක්ෂේත්‍ර 55ක් ඔස්සේ පුළුල් ලෙස විග්‍රහ කර ඇත. 

දැඩි ලෙස පුහුණු කළ යුතු චර්යා විනය

මේ සියල්ලට සංවාදයට ලක් කිරීමට පෙර මහජනතාව විසින් අනිවාර්යෙන් හුරු පුරුදු විය යුුතු නව හැසිරීම් රටා 4ක්  ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දුන්නේය.  දැඩි ලෙස පුරුදු කළ යුතු චර්යා විනයක් සහිත මේ හැසිරීම DReAM ලෙස නම් කර තිබිණි.

  1. D ( Distancing) ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම
  2. Re  ( Respiratory etiqette) නිවැරදි ශ්වසන ආචාර විධි භාවිතය
  3. A  ( Aseptic procedure) අත් සේදීම වැනි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම
  4. M  ( Mask) මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම

3 වන මට්ටමේ අවදානමට මුහුණ දීම  

තුන්වන අවදානම් මට්ටමේදී කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු කර ගෙන යෑම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ක්ෂේත්‍ර 55ක් සඳහා මාර්ගෝපදේශ මාලාවක්  හඳුන්වා දුන්නේය. 

  • විශේෂිතම තත්ව

අත්‍යාවශ්‍ය සේවා හෝ වෙනත් විශේෂිත අවසරයක් නැතිනම්  එක් නිවසකින් හෝ නවාතැනකින් පිටව යෑමට අවසර ඇත්තේ පුද්ගයන් දෙදෙනෙකුට පමණි. 

මේ ම්ට්ටමේ දී පාසල් වසා දමනු ලැබේ. විශ්ව විද්‍යාල වසා ඇත. උපකාරක පන්ති වසා ඇත. ගෘහස්ථ උත්සව සඳහා අවසර නැත. එළිමහන් උත්සව සඳහා අවසර නැත. මහජන රැස්වීම් සඳහා අවසර නැත. බන්ධනාගාරයට අමුත්තන්ට පැමිණීමට අවසර නැත. 

සිනමා ශාලා වසා ඇත. ළමා උද්‍යාන හා සත්වෝද්‍යාන වසා ඇත. සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළසාද වසා ඇත. පිහිණුම් තටාග වසා ඇත. කැසිනෝ රාත්‍රී සමාජ ශාලා වසා ඇත. ස්පා වසා ඇත. රටේම සියලුම ලැගුම්හල් වසා ඇත.  

  • අවමංගල උත්සව හා ආගමික උත්සව මංගල උත්සව

මංගල උත්සවයක් සඳහා ලැබී ඇති උපදෙස් අනුව උපරිමයෙන් සහභාගී විය හැක්කේ 50 දෙනෙකුට පමණි. 

කොව්ඩ් 19 ආසාදිත නොවන පුද්ගලයෙකුගේ අවමංගල උත්සවයක ඕනෑම වෙලාවක රැඳී සිටිය හැක්කේ 25 දෙනෙක් පමණි.

පූජනීය ස්ථානවල මහජනයා රැස් වන පින්කම් තහනම්ය. ඕනෑම අවස්ථාවක පූජනීය ස්ථානයක් තුළ සිටිය හැකි බැතිමතුන්ගේ උපරිම ප්‍රමාණය 25කි.

  • ප්‍රවාහන සේවා

කාරයක හෝ ත්‍රී රෝද රථයක ගමන් කළ හැක්කේ   උපරිමය මගීන් දෙදෙනෙක් පමණි. 

වෙනත් වර්ගවල වාහනවල ප්‍රවාහනය සඳහා ආසන ධාරිතාවෙන් සියයට පනහක් පමණක් භාවිත කළ යුතුය.

පොදු ප්‍රවාහන සේවා වන බස් රථ හා දුම්රියෙහි ආසන ධාරිතාවෙන් සියයට හැත්තෑ පහක් සඳහා මගීන් රැගෙන යෑමට අවසර ඇත. 

  • සියයට පනහක ධාරිතාව පවත්වාගත යුතු ස්ථාන

අධිකරණයට ජනයා ඇතුළු කරගත හැක්කේ ලබා දී ඇති ඉඩ ප්‍රමාණයෙන් 50%ක ධාරිතාවයකට පමණි.

කමියුනිකේෂන්, ඡයා පිටපත් ආයතන සඳහා ඉඩ ප්‍රමණයෙන් 50%කට පමණක් සරිලන ගනුදෙනු කරුවන් පිරිසක් ඇතුළු කරගත යුතුයි. 

පෙරපාසැල් , දිවාසුරැකුම් මධ්‍යස්ථාන,  සදහා 50%ක ධාරිතාවයෙන් කටයුතු කළ හැකිය. 

වර්ග මීටර එක හමාරක්  එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යැයි සලකමින් සපිරි වෙළෙඳසල්,  සාප්පු සංකීර්ණ, ඇඳුම් පැළඳුම් රෙදි පිළි වෙළෙඳසල්, සියයට පනහක ධාරිතාවෙන් පුද්ගලයන් ඇතුළත් කර ගත යුතුය.

ගනුදෙනු කරුවන්ට ලබා දියහැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක් සැපිරෙන පරිදි  බැංකු හා මූල්‍ය ආයතන,  සිල්ලර බඩු වෙළඳසල්, විවෘත වෙළෙඳපල, ආර්ථික මධ්‍යස්ථාන, බේකරි, කොණ්ඩා සැකසුම් හා  රූපලාවන්‍යාගාර,  ගෘහභාණ්ඩ, විදුලි උපකරණ, ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළෙඳසල්,  රෙදි විවීමේ ස්ථාන, මැහුම්කරුවන් හා ඇඳුම් මසන්නන්, ව්‍යායාම ශාලා ගෘහස්ථ ක්‍රීඩා ශාලා, පවත්වාගෙන යා යුතුය. 

හෝටල් හෝ විවේකාගාර ලබා  දී ඇති උපදෙස් අනුව ඕනෑම වෙලාවක සියයට පනහක ධාරිතාවෙන් පවත්වා ගත යුතුය. 

නීත්‍යානුකූලව විවෘතව පවතින ඕනෑම වෙලාවක ආසන ප්‍රමාණයෙන් සියයට 50ක්  සමග පවත්වා ගැනීමට අවසර ඇත.

ලබා දී ඇති අවසර අනුව ඔට්ටු මධ්‍යස්ථාන ධාරිතාවෙන් 50ක් ගනුදෙණුකරුවන් සමග පවත්වා ගත හැකිය.

එහෙත් පබ් එක්ක පවත්වා ගැනීම සඳහා අවසර ලැබෙන්නේ මුළු ආසන ධාරතාවයෙන් සියයට 25ක් සඳහා පමණි.

  • රෝහල්, පුද්ගලික හා රාජ්‍ය අංශය සහ අත්‍යාවශ්‍ය සේවා

සෞඛ්‍ය අංශයේ ආවරණය කරන රජයේ හා පුද්ගලික අංශයේ රෝහල්, ෆාමසි, රසායනාගාර හා වෛද්‍ය සේවා පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බැවින් ලබා දී ඇති උපදෙස් අනුව අවම කාර්ය මණ්ඩලයක් සමග ක්‍රියාත්මක විය යුතුය. 

විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්.පී ගෑස් ස්ථාන, මෝටර් ගරාජ්, ටයර් සේවා , තැපැල් /කුරියර් සේවා  අවම කාර්ය මණ්ඩලයක් සමග සියලු අත්‍යාවශ්‍ය සේවාවන් සැපයිය යුතුය.

රජයේ කාර්යාල අවම කාර්ය මණ්ඩලයක් සහිතව ක්‍රියාත්මක විය යුතුය. නිවසේ සිට වැඩ කිරීම හැකි සෑම විටම දිරිමත් කළ යුතුය.

පෞද්ගලික අංශයේ කාර්යාල හෝ වෙනත් කාර්යාල අවම කාර්ය මණ්ඩලයකින් ක්‍රියාත්මක විය යුතුය. නිවසේ සිට වැඩ කිරිම දිරිමත් කළ යුතුය. 

අපනයනය අරමුණු කරගත් කර්මාන්ත සේවකයන් හා ආක්ෂිත නවාතැන් හා ප්‍රවාහන පහසුකම් සපයමින් ඔවුන් එකම බුබුලක් තුළ ක්‍රියාත්මක වීමට සලස්වා සේවය ලබා ගත යුතුය. එම ක්‍රියාවලිය පවත්වා ගත යුත්තේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය තුළය.   

  • DReAM අනුව සාමාන්‍ය ආකාරයෙන් පවත්වා ගත හැකි සේවා

කෘෂිකර්මානත්තයේ යෙදී පවත්වා ගත හැකිය.  ඉදි කිරීම ස්ථාන පවත්වා ගැනීමට අවසර දී තිබේ. ජංගම වෙළෙන්දන්ට, ගම් මට්ටමින් පත් කළ කමිටු අධීක්ෂණය යටතේ වීදී වෙළෙන්දන්ට තම කටයුතු පවත්වා ගත හැකිය. 

ඇවිදින මං තීරු විවෘත වන්නේ තනිව ඇවිදින පුද්ගලයන් සඳහා පමණි. එය පුද්ගලයන් හමුවන ස්ථාන බවට පත් කරනොගත යුතුය. 

පුද්ගලයන් හමුවන ස්ථානයක් සේ කටයුතු නොකර විවෘත වෙරළ තීරවල හැසිරිය හැකිය.

ආහාර රැගෙන යන අවන්හල් පවත්වාගෙන යා හැකිය. 

උක්ත රීතියට යටත්ව මධ්‍යසාර අලෙවි සල් පවත්වාගෙන යා හැකිය. 

බෝඩිං නිවාස පවතින ආකාරයෙන් පවත්වා ගත හැකිය. නමුත් අලුතින් පුද්ගලයන්ට නවාතැන් දීම නොකළ යුතුය. 

නොමැරී ජීවත්වීමේ වගකිම දැන් ඇත්තේ ඔබ අතය. එය පුරුදු කිරීම සඳහා වූ විනයෙන් ඔබ ශික්ෂණය නොවුනොත් ඔබ මතු නොව මුළු සමාජයම අනතුරකය. 

රජය නිකුත් කළ නිවේදනය

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

30 වැනි කොවිඩ් මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වේ… ඒ මණයත් කොළඹ නගර සීමාවෙ…

Next Post

වැලිකඩ බන්ධනාගාරයේ කළ පී.සී.ආර්. 300ම හොඳයි… නව කොවිඩ් ආසාදිතයන් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.