සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයට නම් ලෙඩක් තමයි… ඒත් ඇත්තටම ට්‍රම්ප් ලෙඩෙක් ද?.

by editor
ජූලි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත ශිරා රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අතේ තැළුම් සලකුණු සහිත ඡායාරූප පිළිබඳව දින ගණනාවක් පුරා පැවති අනුමාන කිරීම්වලින් පසුව ය.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන පරිදි, මෑතකදී පාද ඉදිමීමකින් පසු, ට්‍රම්ප් රුධිර නාල පරීක්ෂණ ඇතුළු “පුළුල් පරීක්ෂණයකට” භාජනය විය.

ට්‍රම්ප්ගේ තැළුණු සලකුණු සහිත අත ඇස්ප්‍රීන් ගන්නා අතරතුර “නිතර අතට අත දීමෙන් පටක හානි වීම” සමග සම්බන්ධ බවට ලෙවිට් පැවසූ අතර, එය “සම්මත හෘද වාහිනී ක්‍රියාත්මක වීමේ දුබලතාවක කොටසක්” බව ඇය පැවසුවා ය.

79 හැවිරිදි ට්‍රම්ප්, ඔහුගේ යහපත් සෞඛ්‍යය ගැන නිතිපතා කතා කර ඇති අතර, වරක් තමා “මෙතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්න ම ජනාධිපතිවරයා” ලෙස විස්තර කර ඇත.

ශිරා සහ කපාට “රුධිරය පාදයෙන් ඉහළට සහ පිටතට තල්ලු කර” නැවත හදවත දෙසට යොමු කරන බව ඔස්ටින්හි ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ රුධිර නාල සැත්කම් පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය මෙරිල් ලෝගන් බීබීසීයට පැවසීය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

පාදවලින් හදවතට ගලා යන රුධිරය ගුරුත්වාකර්ෂණයට එරෙහිව ගමන් කරන බැවින් එම ක්‍රියාවලිය වඩාත් අපහසු විය හැකි ය.

“ඉතින් නිදන්ගත ශිරා දුබලතාව කියන්නේ එම ශිරා සහ කපාට ක්‍රියා නොකර පාද දිගේ රුධිරය පසුපසට ගලා යාමයි,” ඇය පැවසුවා ය.

මෙතෙක් දිවුරුම් දුන් වයස්ගතම ඇමරිකානු ජනාධිපතිවරයා

“ශිරා අවහිර වීම හෝ ධමනි රෝග පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති” බවත් පරීක්ෂණයෙන් ලැබුණු සියලු ම ප්‍රතිඵල “සාමාන්‍ය සීමාවන් තුළ” ඇති බවත් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරලයින් ලෙවිට් පැවසීය.

ධවල මන්දිරයේ වෛද්‍ය ෂෝන් බාබබෙලා මාධ්‍යවේදීන්ට නිකුත් කළ සටහනකට අනුව, ජනාධිපතිවරයාගේ තත්ත්වය “බරපතළ නොවන සහ පොදු” තත්ත්වයකි. විශේෂයෙන් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට එය පොදු රෝගී තත්ත්වයකි.

අතිරේක පරීක්ෂණ මගින් ට්‍රම්ප්ට “හෘදයාබාධ, වකුගඩු ආබාධ හෝ පද්ධතිමය රෝග පිළිබඳ කිසිදු සලකුණක් නොමැති” බව බාබබෙලාගේ සටහනේ සඳහන් කර තිබූ අතර එය ලෙවිට්ගේ පෙර සාකච්ඡාවේ තොරතුරු සනාථ කළේ ය.

සමස්තයක් වශයෙන් ගත් කල, ට්‍රම්ප් “විශිෂ්ට සෞඛ්‍ය තත්ත්වයකින්” පසුවන බව වෛද්‍යවරයා පවසයි.

ජූලි 13 වන දින නිව් ජර්සිහි පැවති Fifa Club ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ට්‍රම්ප්ගේ ඉදිමුණු කකුල් මෙන් පෙනෙන දේ ඡායාරූප ශිල්පීන් විසින් ග්‍රහණය කර ගන්නා ලද අතර, මෙම සතිය මුලදී ධවල මන්දිරයේදී බහරේන් අගමැති සල්මන් බින් හමාඩ් බින් ඉසා අල් කලීෆා සමග පැවති හමුවකදී ඔහුගේ වර්ණය වෙනස් වූ දෑත් පෙන්වන ඡායාරූප කිහිපයක් ද විය.

පෙබරවාරි මාසයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයාගේ අතේ තැළීමක් වැනි සලකුණක් මීට පෙර ඡායාරූපගත කර තිබිණි.

ඔහුගේ ඉදිමුණු කකුල් සහ තැලීම් සලකුණු හේතුවෙන්, ජනාධිපතිවරයා ප්‍රසිද්ධියට පත් නොකළ රෝගයකින් පෙළෙන බවට ඉන්ටර්නෙට්හි අනුමාන කිරීම් සහ කටකතා පැතිර ගියේ ය.

අප්‍රේල් මාසයේ වාර්ෂික ශාරීරික පරීක්ෂණයකින් පසුව, ට්‍රම්ප් “යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රදර්ශනය කරන” බව බාබබෙලා සඳහන් කර තිබේ.

ජනවාරි මාසයේදී දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දෙන විට ට්‍රම්ප්ගේ වයස අවුරුදු 78 යි මාස හතක් වූ අතර, ඔහු එක්සත් ජනපද නායකයා ලෙස දිවුරුම් දුන් වයස්ගතම ජනාධිපතිවරයා විය.

නිදන්ගත ශිරා දුබලතාව ගැන දැනගත යුතු දේ
නිදන්ගත ශිරා දුබලතාවයේ බරපතළකම පිළිබඳ බාබබෙලාගේ තක්සේරුව සමග තමන් එකඟ වන බව වෛද්‍යවරු බීබීසීයට පැවසූහ.

“ඒක බරපතළ තත්ත්වයක් නොවන අතර එය ඉතා සුලභ රෝගී තත්ත්වයක්,” වේක් ෆොරස්ට් විශ්වවිද්‍යාලයේ රුධිර නාල ශල්‍යකර්ම අංශයේ සභාපති වෛද්‍ය මැතිව් එඩ්වර්ඩ්ස් බීබීසීයට පැවසීය.

“ඔහුගේ වයසේ පුද්ගලයින්ගෙන් 10%ත් 35%ත් අතර ප්‍රමාණයකට මෙම රෝගී තත්ත්වය තියෙන්න පුළුවන්.”

විශේෂඥයින් පවසන්නේ, අධික බර, රුධිර කැටි ගැසීමේ ඉතිහාසයක් තිබීම සහ රෝගීන්ට දිගු වේලාවක් සිටගෙන සිටීමට සිදුවන රැකියාවල නිරත වීම ද මෙම රෝගයට ගොදුරුවීමට හේතු වන බව ය.

අවශ්‍ය පරිදි-සකසන ලද මේස් පැළඳීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට හැකි අතර, වෛද්‍යවරු රාත්‍රියේදී රෝගීන්ට තම පාද ඉහළට ඔසවා තැබීමට ද නිර්දේශ කරති.

“මම මගේ රෝගීන්ට කියන්නේ සෑම දිනක ම ඔවුන්ගේ කකුල්වල හොඳ ක්‍රීම් එකක් ආලේප කරන්න කියලා, ඒ වගේ ම තරබාරුකම වැනි අනෙකුත් අවදානම් සාධක පාලනය කර ගන්නත් ඕන,” වෛද්‍ය ලෝගන් පැවසීය.

ජනාධිපතිවරයාගේ තැළුම් සලකුණු සහිත අත

නිදන්ගත ශිරා දුබලතාව ශරීරයේ පහළ කොටසට පමණක් බලපාන බැවින්, මෙම තත්ත්වය මෑත දිනවල මතු කළ ජනාධිපතිවරයාගේ අතේ දක්නට ලැබුණු තැලීම්වලට සම්බන්ධ නැත.

ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා පැවසුවේ, තැලීම් ඇති වූයේ අතට අත දීමේ ප්‍රතිඵලයක් ලෙස බවත් හෘදයාබාධ, රුධිර කැටි ගැසීම් සහ ආඝාත වැළැක්වීමට උපකාරී වන ඇස්ප්‍රින් ඖෂධයක් ලබා ගැනීමේ අතුරු ආබාධයක් බවත් ය.

තැළුම් සලකුණු ඇති වීමට ට්‍රම්ප්ගේ වයස සමග ඇස්ප්‍රීන් භාවිතය හේතු විය හැකි බවට ධවල මන්දිර වෛද්‍යවරයා කළ පැහැදිලි කිරීම සමග තමන් එකඟ වන බව වෛද්‍ය එඩ්වර්ඩ්ස් පැවසීය.

“අපි වයසට යන විට මේ වගේ ලෙඩවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි යි. ඇස්ප්‍රීන් සහ අනෙකුත් රුධිරය තුනී කරන ද්‍රව්‍ය ගන්නා පුද්ගලයින් තුළ එය බොහෝ සෙයින් දක්නට ලැබෙනවා.”

“කවුරුහරි ඔයාගේ අත හොඳට ම තද කළොත් ඒක වෙන්න පුළුවන් කියලා මට විශ්වාස යි, (ඔයාට තැළීමක් ඇති වෙන්න පුළුවන්),” වෛද්‍ය එඩ්වර්ඩ්ස් පැවසීය.

“ඒක හරිම තද අතට අත දීමක් වෙයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවල වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනී!

Next Post

මන්නාරම – පුනරීන් සුළං විදුලි බලාගාර දෙකට අදානි දැරූ මූලික වියදම් ප්‍රතිපූර්ණය කරන්නැයි රජයට නීති උපදෙස් ලැබිලා… රුපියල් මිලියන 300 සිට 500ක් ගෙවන්න වෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.