රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා දිනක් ගතවන්නට පෙර බීමතින් රිය පදවා කොල්ලුපිටිය මංසන්ධියේ දී අනතුරක් සිදුකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ලොහාන් රත්වත්තේගේ ඩිෆෙන්ඩර් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූයේ ඊයේ පස්වරුවේය.
බීමතින් රිය පදවා අනතුර සිදුකිරීමේ චෝදනාව මත ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබිනි.







