සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොහාන් රත්තවත්ත මිය යයි!

by editor
අගෝස්තු 15, 2025
in පුවත්
Lohan-Ratwatta
Share on FacebookShare on Twitter

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත අභාවප්‍රාප්ත වූයේය. ඔහු මිය යන විට 57 වැනි වියේ පසුවිය. පසුගිය දිනවල අධික ලෙස රෝගාතුර වී සිටි ලොහාන් රත්වත්ත කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

1968 ජුනි 22 වන දින උපත ලැබූ ලොහාන් එවින්ද්‍ර රත්වත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලනඥයෙකි .ඔහු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තුවරයෙක් වුයේය.

ලොහාන් මීට පෙර මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ලොහාන් ප්‍රථම වරට 2009 දී මධ්‍යම පළාත් සභාවට තේරී පත් වූ අතර පසුව 2010 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

 2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්විය. ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරී ය. 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර දැරුවේ ය.

2024 වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය.

කසේ වෙත්ත ලොහාන් රත්වත්ත යනු ස්වකීය අවිනීත හැසිරිම සම්බන්ධව කුප්‍රකට චරිතයක් වූවා සේම මිනී මැරුම් ඇතුළු සිදුවීම් ගණනාවකට සමාජ චෝදනා එල්ලවූ දේශපාලකයෙක් විය.

ලොහාන් රත්වත්තේ සම්බන්ධ ආසන්නතම ආන්දෝලනය වූයේ නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම ය.

එම චෝදනා මත මිරිහාන පොලිසිය විසින් කටුගස්තොට ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, ඉකුත් මස 25 වන දා ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ජීප් රථයක් සොයා ගත් බව ය.

පසුව අනාවරණය වී ඇත්තේ, එය නීතිවිරෝධීව තබාගෙන සිටින ජීප් රථයක් බව ය.

පොලිසිය පවසන්නේ, මෙම ජීප් රථය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගෙන් සහයක් නොලැබුණු බව ය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ජීප් රථයේ සඳහන් අංකය ව්‍යාජ හෝ කොටන ලද අංක සහිත එකක් බවය.

රේගුව සමග කළ සොයා බැලීමකදී මෙම ජීප් රථය මෙරටට නීත්‍යනුකූලව ආනයනය කර ඇති බවට වාර්තා නොවන බව අනාවරණය වී තිබේ.

මෙම ජීප් රථය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර, එය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිත කරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය.

ඒ අනුව, ලෝහාන් රත්වත්තේ පොලිස් අත්අඩංගුවට පත් වූයේ, නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීමේ චෝදනා මත ය.

පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මිය යාම

ලොහාන් රත්වත්තේ ගැන මෑතකදී යළි කතා බහට ලක්වුණේ, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මිය යාම හේතුවෙනි.

එම සිද්ධිය පිළිබඳ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබයි.

ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා මහනුවර, කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී වෙඩි වැදී මිය ගොස් තිබුණේ, ඔක්තෝබර් 20 වන දා දහවල් කාලයේදී ය.

එලෙස මිය ගිය පෞද්ගලික ලේකම්වරයාගේ වයස අවුරුදු 50ක් වන අතර, ඔහු වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය ලේකම්වරයාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි වැදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් නිවසේ තිබී හමුවූ ජීප් රථය, වෙඩි වැදී මිය ගිය පෞද්ගලික ලේකම්වරයා අදාළ නිවසට රැගෙන විත් ඇතැයි හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ පොලිසියට පවසා තිබේ.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ආන්දෝලනාත්මක සංචාර

2021 සැප්තැම්බර් මස ලෝහාන් රත්වත්තේ යළි ආන්දෝලනයකට ලක්වූයේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සංචාරවලදී කළ බව කියන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙනි.

සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වන දා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇතැයි කියන සිද්ධිය මහත් ආන්දෝලනයට ලක්විය.

රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අට දෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා තිබුණු බව මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.

එමෙන් ම, සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන් වරක් පිස්තෝලය තබා “උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි” කියා තර්ජනය කළ බවත්, එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දුන් බව එවකට මාධ්‍ය වාර්තා කර තිබිණි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරය තුළදී සිරකරුවන් දණ ගැස්වී යැයි කියන සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය විසින් ද හෙළා දකිනු ලැබීය.

එහි නේවාසික සම්බන්ධීකාරකවරිය සිය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ, සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයක යුතුකමක් බව ය.

වැලිකඩ බන්ධනාගාරයට රාත්‍රී කාලයේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක් ද ඇතැතිව එල්ලුම්ගස නැරඹීමට යෑමේ සිද්ධිය ද මහත් ආන්දෝලනයට ලක්විය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ කමිටු වාර්තාවක් මගින් අනාවරණය කර තිබිණි.

ප්‍රසිද්ධ නිරූපිකාවක් ද එහිදී බන්ධනාගරයට රැගෙන ගොස් තිබූ බවට එම අවස්ථාවේදී වාර්තා පළවුවත් එම නිරූපිකාව සහ රාජ්‍ය අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබිණි.

එම කමිටු වාර්තාව මත පදනම්ව, රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා වහා පියවර ගත යුතු බව සමාජීය හා ආගමික මධ්‍යස්ථාන රජයෙන් ඉල්ලා තිබිණි.

බීමතින් රුවන්වැලිසෑයට ඇතුළු වීමට තැත් කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

උඩතලවින්න දස පුද්ගල ඝාතනය

2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර, උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

T56 ගිනිඅවිවලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයන්ගේ සිරුරු වෑන් රථයක තිබී සොයා ගනු ලැබිණි.

මෙම සිද්ධියට සැකපිට එවකට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුළු සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගනු ලැබී ය.

නීතිපතිවරයා විසින් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනු කරනු ලැබිණි.

2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුළු චූදිතයන් 10 දෙනෙක් චෝදනාවලින් නිදොස් කරනු ලැබූහ.

මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කෙළ්ය.

මේ අනුව අභියාචනාකරුවන්ගේ පාර්ශවයේ තර්ක පිළිගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩු තීන්දුව නිෂ්ප්‍රභ කරමින් අදාළ විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.

වාරියපොළ ඩිෆෙන්ඩර් අනතුර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් ජීප් රථයක් වාරියපොළදී අනතුරකට ලක්විය. වාරියපොළ දන්ගහපොළ ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට පත්විය.

ලොහාන් රත්වත්තේගේ පසුගමන් රථය ලෙස ධාවනය කර ඇති මෙය, ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට උත්සහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක ගැටී තිබිණි.

එහි තිබී ගිනිඅවි කිහිපයක් ද සොයා ගෙන තිබිණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වසර 40ට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ නැවත සංවර්ධනය කිරීමේ වැඩසටහනක් අරඹයි!

Next Post

වෘත්තීය සමිති ප්‍රධානියෙක්ව සිටි ගුවන්තොටුපල ආරක්ෂකයෙක් ගිනි අවිත් සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.