අසේල කුරුළුවංශ –
ලොව පළමු ජත්‍යන්තර සර්ප සම්මේලයනය ( World congress on Snakes-2026) ඔක්තෝම්බර් මස 01,02,03 හා 04 යන දිනවල මහනුවරදී පවත්වන බව ආචාර්ය නිමල් රත්නායක පවසයි.
උරගයින් හා උභය ජීවින් පිළිබඳ ජත්‍යන්තර සම්මේලනයක් සෑම සිව් වසරකට වරක්ම සංවිධානය කෙරෙන නමුත් මෙතෙක් ජත්‍යන්තර සර්ප සමුළුවක් පවත්වා නොමැති යැයිද ඔහු කියයි.
මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පෙරේදා (02) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
කොළඹින් බැහැරව මේ ආකාර ජත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණයක් මහනුවර පැවැත්වීම සුවිශේෂි අවස්ථාවක් බවද මේ සඳහා සර්පයින් පිළිබඳ ජත්‍යන්තර මට්ටමේ පිළිගත් විද්වතුන්, පර්යේෂකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් 350 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිත බවද රත්නායක මහතා පැවසුවේය.
සර්පයින් පිළිබඳ හදාරණ, පර්යේෂණ කරන බොහෝ පිරිසක් ලොව සිටින බවත් ඔවුන් සියලු දෙනාට එකම වහලක් යට හමුවී දැනුම හුවමාරු කර ගැනීමට මෙමගින් අවකාශ සැලසෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් 65610 ක වපරිසය තුළ උරග විශේෂ 247 ක් සිටින්යේ යැයි හෙතෙම ප්‍රකාශ කළේය.
ලොව වෙසෙන සර්ප විශේෂ 4100 ක් අතරින් විශේෂ 112 ක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකාවේ පවතින ජෛව විවිධත්වයේ අපූර්වත්වය ලෝකයට කියා පෑමට මෙය කදිම අවස්ථාවක් හෙතෙම කීවේය.
ඔහු පවසන්නේ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මෙමගින් විශාල පිටුබලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
සර්පයින් පිළිබඳ පර්යේෂණ කරනු ලබන විද්වතුන් ජත්‍යන්තර මට්ටමින් ජාලගත වීම, ඔවුන්ගේ දැනුම හුවමාරු කර ගැනීම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ලෝකයට රැගනෙ යාම සහ පර්යේෂණ අංශයෙන් රටක් ලෙස අප ඉන්නා තැන පිළිබඳ පණිවිඩයක් ලබාදීම සඳහා මේ ඔස්සේ පුළුල් අවකාශයක් ලැබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨන ඉතා ඉහළ අගයක් ගන්නා බවත් මේවා වලක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොමැති අතරම අදාළ දැනුවත් කිරීම සඳහා දැනුම ඇති පිරිසද අඩු බවත් පවසන ආචාර්ය නිමල් රත්නායක මේ සම්බන්ධයෙන් ලෝකයේ සෙසු රටවල් කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් දැනුවත් වීමටද මේ තුළින් අවස්ථාව ලැබෙනු අතැයිද පැවසුවේය.
මෙහිදී අවස්ථාවට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා, රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කණිෂ්ක උකුවෙල, ජත්‍යන්තර සර්ප සම්මේලනයේ කමිටු සාමාජික, පර්යේෂක සුරංජන් කරුණාරත්න, සී.ඩී.සී ඉවෙන්ට්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉම්රාන් හසන්, මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ සාමාන්‍යාධිකාරි තුසිත් සමරවීර ද කතා කළහ.







