සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොවෙත් නැති වේදනාව හෙවත් බංගලියන්ගෙන් ගුටි කෑම….

by editor
සැප්තැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බංගලියන්ගෙන් ගුටිකෑම වැනි වේදනාවක් ලොවෙත් නැත. ඇෆ්ගනිස්ථානයෙන් නොව, ඕමානයෙන් කෑවත් හිත හදා ගත හැකිය. එවන් වටපිටාවක සුපිරි වටයේ  පළමු තරගයේ දීම  බංගලියන් හමුවේ අපේ උන් පරාජය වීම ගැන  කණගාටු දායක කතාව ලියා   තබන්නට සිදුවීම වේදනාවකි.  මේ ලියන්නේ  “ක්‍රිකට් එහෙමයි… ජය පරාජය භාර ගැනීමට උපේක්ෂා සහගත විය යුතුයි,” වැනි තවුටෝක්ස් දෙන උන් සඳහා කරන   බහුශ්‍රැත ක්‍රිකට් විචාරයක් නොවේ. මේ ලියන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ වේදනාවය. 

සටහන ආරම්භ කිරීමට පෙර එකක් කිව යුතුය.  අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දුව තෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායම කළ සටන සම්බන්ධව නම් ක්‍රීඩා ලෝලියෙක් ලෙස ඇත්තේ ආශ්වාදයකි. එකම සුබ ලකුණ නම් දසුන් ශානක නැවත වරක් සිය පරිනතිය පෙන්වීමය. දිගින් දිගටම විචාරයට පැමිණි ඩිල්ෂාන්ලා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නොමැතිවීම ගැන හතර අතේ දෙස් දෙවොල් තබන  විට දසුන් යළිත් ශ්‍රී ලංකාවේ තරග දිනවන්නට බැරිනම් පරම විලි ලජ්ජාවෙන් බේරාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ     සිටින තුන් ඉරියව් ක්‍රීඩකයා තමන් බව පෙන්නුවේය.

එහෙත් දිගින් දිගටම කණ්ඩායමේ දක්ෂතාවල සිදුවන අස්ථාවර උච්ඡාවචනය අපට ආසියානු කුසලානයේ අවසන් තරගයට යෑමට ඇති අවස්ථාව පිළිබඳ කුකුසක් දනවමින් ඇත.  එක් පන්දුවක් ඉතිරි වී තිබිය දී  බංගලියන් කඩුළු 04කින් දිනුම්ය.  තරගයෙ වීරයා බංගලාදේශ ආරම්භක පිතිකරු සයිෆ් හසන්ය.

අබුඩාබි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවති ආසියිනු කුසලාන විස්සයි 20 තරගාවලියේ 13 වැනි තරගය මීට ස්වල්ප වෙලාවකට පෙර නිමා විය. ශ්‍රි ලංකාව සහ බංගලාදේශ අතර සුපිරි සිව් දෙනාගේ තරග වටයේ  තරයක් ලෙස පැවතිි තරගයේ දී කාසියේ වාසිය  දිනුවේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුහු  පන්දු රැකීම තේරූහ.

දසුන් ශානක

පිත්ත කොටයි

පිතිකරණයට පැමිණි පිතිකරුවන්ගෙන්  දසුන් හැරෙන්න අනෙක් සෑම පිතිකරුවෙකුගේම පිත්ත කොට වුනේය. පැතුම් 22කි. කුසල් මෙන්ඩිස් 34කි. කමිල් මිෂාර යළිත් වරක් තමන්ගේ අස්ථාවර සහ අවිශ්වාසනීයත්වය පෙන්නුම් කර දැවී ගියේය. මිනිත්තු 20ක් පිටියේ හිඳිමින් පන්දු 11ක් සමග අරගල කර ඔහු ලබා ගන්නේ ලකුණු 05කි. මේ දක්ෂකම් පිරුණ නවක ක්‍රීඩකයා හැකි ඉක්මනින් යථා  රිද්මයට ගැනීමට අවශ්‍ය මානසික පසුබිම ගොඩනැගීම මේ මොහොතේ දී කණ්ඩායමේ පරිපාලනය විසින් නොකළහොත් එය ඔහුගේ ක්‍රිකට් අනාගතය තීන්දු කිරීමට තරම් ප්‍රබල සාධකයක් වනු ඇති බව කිව යුතුය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කුසල් පෙරේරාත් එසේය. පන්දු 16ක් තුළ ලකුණු 16කි. ඇත්තටම දැන් අපට පෙනෙන්නේ කුසල් පෙරේරාගේ ඇස සහ අත් අතර ඇති සම්බන්ධතාවයේ දුගී බවය. අතීතයේ විස්සයි 20 ක්‍රිකට්වලට කළ මෙහෙවර සලකා කුසල්ට කරන ගෞරවයක් ලෙස  නම් ඔහු කණ්ඩායමේ තියා ගත්තාට කමක් නැත. හැබැයි   අපට කියන්නට ඇත්තේ මෑත කාලය පුරාම කුසල් පෙරේරා ගහන පිංගුත්තර ගැහිල්ල නම් අන්ත අජූත බවය. අසමත් බව දැනෙද්දී “නෑ ඊ ලඟ එකේ ගහයි” වැනි බූරු ගැහිල්ලක් ක්‍රිකට්වලට අවශ්‍ය නැති බව අප තේරුම් ගත යුතුය.

විස්සයි 20 ක්‍රීඩාව මාව පරීක්ෂා කළා, මාව හැඩ ගැස්සුවා, මගේ  ජීවිත කාලය පුරාම පවත්වා ගත  යුතු පාඩම් මට ඉගැන්නුවා.”  විස්සයි 20   ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු   කෝලි විස්සයි20 ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම ගත්තේය. අපේ වගේ නොව, අද ඔහුගේ තැන ගන්නට දක්ෂ නවකයෝ පෙළ ගැසී සිටිති. අපේ ක්‍රිකට්වලට කෙළවනු ලැබුවේ අත් නොහරින පෙරේතකමය. තමන්ගේ වැඩේ කරගත් පසු අල්ලා පොළොවේ ගැසුවා සේ දමා යෑමේ ආත්මාර්ථකාමී කමය.

හයේ පහර හයක් සමග දසුන් අද  ලකුණු 64ක තනි ගේමක් ගැහුවේ නැතිනම් අපට යන්නට වෙන්නේ රෙදි නැතිවය.  මුස්ටෆිසුර් රහීම් ලකුණු 20 ට කඩුළු 03ක්, මෙහෙදි හසන් ලකුණු 25ට කඩුළු 03ක්, ටස්කිසින් අහමඩ් ලකුණු 37ට කඩුල්ලක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයට ලබා දුන්නේ ලකුණු 169ක ඉලක්කයකි.

බංගලියන්ගේ නැවු ගුටි

බංගලාදේශ අංක 2 පිතිකරු ටන්සිඩ් හසන් ලකුණු නොලබා නුවන් තුෂාර හමුවේ දැවී ගිය බව සැබෑය. ඔහු දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව එකකි.  එහෙත් තරගයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ළදරුවන් බවට පත් කරමින් පන්දු 45ක දී ලකුණු 61ක් ලබාගෙන ආරම්භක පිතිකරු සයිෆ් හසන් එල්ල කළ ප්‍රහාරය ඔහුට පසුව පැමිණ ටොව්හිඩ් හ්‍රිඩොයි   පන්දු 37ක දී ලබා ගත් ලකුණු 58ක නැවු ගුටිත් ශ්‍රි ලංකා කණ්ඩායම අන්ත අසරණ කළේය.

නුවන් තුෂාර තමන්ගේ පළවෙනි පන්දු ඕවරයෙන් පසු නැවු ගුටි කෑවේය. පළමු පන්දු ඕවරය ලකුණු 2කට අවසන් කර එක් කඩුල්ලක් දවා ගත් තුෂාර ඉතිරි පන්දු ඕවර 3ට ලකුණු 40ක් ලබා දුන්නේය.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 22ට කඩුළු 02ක්, දසුන් ශානක ලකුණු 21ට කඩුළු 2ක්, සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ලකි.

තරගයේ 15 වැනි පන්දු ඕවරය යැවූ කමිඳු ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය තහවුරු කළ බව සිතමු. කණගාටුවෙන් වුව කිව යුතු වන්නේ ඒ පන්දු යැවීම නම් පාසල් ක්‍රීඩකයෙකුගේ මට්ටමේ තිබුණු බව පමණය. තණතීරුව මැද කොට හාෆ් පිච් පන්දු පිත්තට ලබා දෙන විට පිත්ත අරන් හිටියේ ඇඟට පණ කෙන්දක් තියෙන එකෙක් නම් බෝලය හොයා ගන්නට බැරි වෙන්නේය. සිද්ධ වූයේ එවැන්නකි. එකම පන්දු ඕවරයක්  යැවූ කමිඳු  ලකුණු 16ක් ලබා   තරගයේ  තීරණාත්මක පන්දු ඕවරයක දීය.

ඉන් අනතුරුව අවසන් පන්දු ඕවරය වෙන තෙක් තරගය සීඝ්‍රයෙන් අපෙන් ඈත් වූයේය. දසුන් ශානක අවසන් පන්දු ඕවරය යැවීමට කැඳවද්දී ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුව තිබුණේ ලකුණු 05ක් පමණි. දසුන්ගේ මුල්ම පන්දුවට ලකුණු 4 කි.

තවත් පන්දු පහක දී එක් ලකුණක් ලබා ගත යුතුය. ඒ එක් ලකුණු නැවැත්වීමට පන්දු රකින්නන් සියලු දෙනා තණතීරුව අසලය. විසි වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ජකීර් අලි දැවී ගියේය. තුන්වැනි පන්දුව නිලකුණු පන්දුවකි. හතරවන පන්දුවේ දී මේදි හසන් දසුන්ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. අවසානයේ දී විසි වැනි පන්දු ඕවරයේ එක් පන්දුවක් තිබිය දී ඉක්මන් ලකුණකට පිති මාරු කරගනිමින් බංගලාදේශ තරගය ජයග්‍රහණය කළේය.

සුපිරි වටයේ මුල්ම තරගය බංගලියන් ජයග්‍රහණයකින් ආරම්භ කර ඇත්තේය. අවසන් කණ්ඩායම් දෙකට තේරීම සඳහා දැන් අප යා යුතු ගමන දුරය. අප පියවරක් පසුපසට ඇද දමා ඇත්තේ බංගලියන්ය.  පකිස්ථානය සහ ඉන්දියාව අතර තරග ඉතිරිව ඇත. මේ ගහන ගැහිල්ල හා බලනවිට ඉන්දියාවට ගහන එක නම් හීනයක් තරම් ඈතය. පකිස්ථානු කණ්ඩායම සමග තරගය වැට උඩය.

බංගලියන් ශ්‍රී ලංකා කණ්ඩායම තුට්ටුව දමා ගැසූ කයිය ඇත්ත බව උන් පෙන්වා දී ඇත. ක්‍රීඩා ලෝලීන්ට ඇති වේදනාව එය ය. එය තරගයක ජය පරාජයෙන් එහාට ගිය අභිමානය සහ නින්දාව පිළිබඳ කතාවකි. ජාතියේ අවශ්‍යතාවය ඊට ලබා දිය හැකි සාධනීය පිළිතුරකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාතාල අපරාධකරුවන්ගෙන් ලද තොරතුරු මත අත් අඩංගුවට ගත් සම්පත් මනම්පේරි පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාසයට භාර දීම මොකාගේ  තීරණයක ද?. පුරවැසියෙක් ලෙස ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් !  

Next Post

දැවැන්ත මුහුදු ඌරෙකුගේ සිරුරක් මන්නාම වෙරළට ගොඩගසයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.