යොහාන් භාසුර –
ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අද (25) නැවත ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණ ද එම සැපයුම් දාමය අදත් අක්‍රීය වී තිබේ.
ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය සහ මුතුරාජවෙල ගෑස් පර්යන්ත දෙකෙන්ම ඊයේ දිනයේ ගෑස් නිකුත් නොකළ අතර හෙට (26) දිනයේ ද ගෑස් නිකුත් කිරීම අවිනිශ්චිත යැයි ලිට්රෝ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස් සැපයුම අද නැවත ආරම්භ කරන බවට ලිට්රෝ සමාගම මීට පෙර කර තිබූ නිවේදනය අනුව ජනතාව අද ගෑස් බෙදාහරින ස්ථානවල පෝලිම්වල සිටිය ද ගෑස් නොලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්වූහ.
ලිට්රෝ ගෑස් සමාගම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ මස 12 වැනිදා සිට නිෂ්පාදනය අත්හිටුවූ අතර පසුව පැවසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවයි.
ලිට්රෝ සමාගම සතුව ගෑස් තොග නොමැති බව දැනගන්නට ඇති අතර එම සමාගම මීට පෙර පැවසුවේ අද (25) සහ අනිද්දා (27) ගෑස් මෙට්‍රික්ටොන් 3,600 බැගින් වන නෞකා දෙකක් ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බවයි.
ලංකාදීප –