ශ්‍රී ලංකාව ණය ගෙවීම් අත්හිටුවා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට යෑම සම්බන්ධව කනණගාටුව පල කරන බව චීන තානාපති කී සෙන්ග් ( Qi Zhenhong) හොන්ග් පවසයි.
අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේ යැයි ඉකානොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. “ශී‍්‍ර ලංකාවට ණය පැහැර හැරීම නොකිරීමට චීනය උපරිමයෙන් උදව් කර ඇතත් කනගාටුදායක ලෙස ඔවුන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය පැහැර හැරීමට තීරණය කළා” යැයි තානාපතිවරයා මාධ්‍යයට පවසා තිබිණි.
“ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනාගත ද්විපාර්ශ්වික ණය කෙරෙහි අනිවාර්යයෙන්ම බලපානු ඇත,” ඔහු වැඩිදුරටත් කීවේය.
චීන තානාපති පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ණය පියවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් සහ තවත් ඩොලර් බිලියනයක ණය පහසුකමක් මාර්තුවේ දී ඉල්ලා ඇති බවය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත ගිය පසු ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බවත් අනුපාත සහ බදු වැඩිකිරීම් පමණක් ඇතුළත් සාර්ව-ආර්ථික ගැලපීම්වලින් ආපසු ණය ගෙවිය නොහැකි බවත් ඔවුන් තීරණය කළේය. ඒ අනුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත දළ මූල්‍ය අවශ්‍යතා කළමනාකරණය කළ හැකි මට්ටමකට අඩු කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රටට සිදු විය.
අප්‍රේල් 12 දා ශ්‍රී ලංකාව කියා සිටියේ විදේශ ණය ගෙවීම අත්හිටුවන බවත් ණයහිමියන් සමඟ සාකච්ඡා කරන බවත්ය.
“අපි ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාව සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු,” චීන තානාපතිවරයා පැවසීය. කෙසේ වෙතත් චීනය එකඟ වූ පරිදි පැරණි ණය ලබා දීම දිගටම සිදු කරන බව ද ඔහු පැවසීය
කියවන්න…