දිනසේන රතුගමගේ –
ප්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී දින පහක් ඇතුළතදී යාපනයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුම ප්‍රේම සම්බන්ධතා මත ශ්‍රී ලංකාවේ දෙමළ තරුණයින් දෙදෙනෙකු අතින් ඝාතනයට ලක් ව තිබේ.
යාපනයේ අලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි එස්.කාර්තිකා නැමති 20 හැවිරිදි තරුණිය ඇගේ ශ්‍රී ලාංකික දෙමළ ජාතික පෙම්වතා අතින් පිහි ඇණුමකින් මරුමුවට පත්ව ඇත්තේ පසුගිය 13 වෙනිදාය.
යාපනයේ මන්ඩුවිල් ප්‍රදේශයෙන් ප්‍රංශයට ගිය දහනව හැවිරිදි ස්නේහා චන්ද්‍රරාසා නැමති තරුණිය ඇගේ පෙම්වතා විසින් ගෙල සිර කොට පසුගිය 8 වෙනිදා මරාදමා තිබේ.
මේ සැකකරුවන් දෙදෙනාම මෙතෙක් පොලිස් අත් අඩංගුවට පත්වී නොමැති බව ප්‍රංශයේ සිටින මියගිය තරුණියන් දෙදෙනාගේ ඥාතීන් උතුරේ ජනමාධ්‍ය වලට ප්‍රකාශ කොට තිබේ.
ප්‍රංශ ප්‍රාන්ත පොලීසියක් එම තරුණයින් දෙදෙනාගේ ඡායාරූප පෙම්වතියන් ලඟ තිබී සොයා ගෙන ඇති අතර ඒ ඔස්සේ හා සීසීටීවී කැමරා වල ආධාරයෙන් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.