ලාංකිකයන් 65 දෙනෙක් සහ අන්‍ය ජාතිකයන් 115 සහිත 180 පිරිසකගෙන් යුතු නෞකාවක සති ගණනක් මරණය සමග බිහිසුණු අත්දැකීම් ලබමින් ගැඹුරු මුහුදේ හුදකලා වූ පිරිසක් තමන් බේරා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ආයාචනා කරමින් සිටින බව වාර්තා වේ.
ජාත්‍යන්තර වෙළෙඳ නෞකා ආරක්ෂක සේවයට අයත් ග්‍රේ පාම් නැමැති ස්පාඤ්ඤයට අයත් මේ පැරණි නෞකාවේ සේවය කරන ලාංකිකයන් දක්වා ඇත්තේ දැනට සති ගණනක සිට ගැඹුරු මුහුදේ නෞකාව නවතා ඇති බවත්, ආහාර හා නිසි සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙතින් තොරව අන්ත අසණ වී සිටින බවත්ය. මේ වනවිට නෞකාව අයත් මව් සමාගම මේ පිරිස සමග නෞකාව අත් හැර දැමූ ආකාරයෙන් පසුවන බව ඔවුහු කියති.
කිසිම හවුහරණක් නොමැතිව මරණයට කැපකර සිටින තමන් බේරාගන්නා නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මේ වනවිට ජනාධිපතිවරයා වෙත ලිඛිතව ආයාචනා කර ඇත.
ලංකාවට පැමිණෙන්නටත් නොහැකිව, වෙනත් වරායකට ගමන් කිරීමටත් නොහැකිව සිටින මේ පිරිස අතර රෝගීන් කිහිප දෙනෙක් ද සිටින බව වාර්තා වේ.