ශ්‍රියානි විජේසිංහ –
ලබන වර්ෂය මැතිවරණ වැස්සක් වහින වර්ෂයක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
“ඇතැම් දේශපාලන පක්ෂ මේ වසරේ දී මැතිවරණයක් ඉල්ලා විශාල උද්ඝෝෂණයක් කළා. නමුත් රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක නොපවතින බැවින් මේ වසර තුළ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නෑ.. ඒත් ලබන වසරේ ආර්ථිකය හොඳයි.. ලබන අවුරුද්ද මැතිවරණ වැස්සක් වහින අවුරුද්දක්…” ඇමතිවරයා කීවේය.
රජය මැතිවරණවලට බිය නොමැති බැවින් ලබන වසරේ මුළින්ම ජනාධිපතිවරණය පවත්වන බව ඇමතිවරයා කීවේය.
අනතුරුව ජනතාවට අවශ්‍ය නම් මහ මැතිවරණයක් පවත්වා අලුත් රජයක් පත් කර ගත හැකි බවද හෙතෙම පැවසුවේය.
එසේම ලබන වසරේ පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණත් පවත්වන බව ඇමතිවරයා අවධාරණය කළේය.
.