පසුගිය 30දා කැලණිවැලි වැවිලි සමාගමට අයත් හීඩෲ වතු යායේ වතු අධිකාරී කාර්යලයට මැර පිරිසක් සමග කඩා වැදී නිලධාරින්ට තර්ජනය කර තේ කර්මාන්ත ශාලාවේ වැඩ නවත්වා බරපතල අනීතික හැසිරීමක් කරමින් නීතිය අවලමේ යැවූ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් ඇමතිගේ අශ්ලීල හැසිරීමෙන් අනතුරුව දිගින් දිගටම මේ දක්වා එල්ලකරන පීඩාවන් සමග කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහි විසංඥ වීමකින් රෝහල් ගත කර තිබේ.
කැලණිවැලි වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් ප්‍රමුඛ නිලධාරීන් කාර්යා අඩස්සියේ රඳවාගෙන පසුගිය දා තොණ්ඩමන් ඇතුළු මැර කණ්ඩායම තර්ජනය කරමින් කියා සිටියේ වතු පාලන අධිකාරිය විසින් තාවකාලික සේවා තහනමකට ලක් කළ සේවකයින් දෙදෙනෙක් යළි සේවයේ පිහිටුවන ලෙස කියමිනි.
පහත දැක්වෙන්නේ තොන්ඩමන් ඇමතිවරයා මැර පිරිස සමග වතු අධිකාරී කාර්යාලයට කඩා වැදුන අවස්ථාව ය.
තමන් වතු කළමනාකරුවන් ලෙස ක්ෂේත්‍රයේ පැවැත්ම සඳහා ගත් තීන්දුවක් පිළිබඳ බලපෑම් නොකරන ලෙසත් මෙය මුලු වැවිලි ක්ෂේත්‍රයටම බලපෑමක් ඇති කළ හැකි නරක පූර්වාදර්ශයක් විය හැකි බවත් ලාබාල ඇමතිවරයාට වතු පාලන අධිකාරිය නැවත නැවත පැහැදිලි කරද්දී අපරිණත ඇමතිවරයා මැරයෙක් ලෙස දිගින් දිගටම හැසිරී තිබිණි.
අනතුරුව ඊයේ නුවරඑළිය පොලිස් ස්ථානයට වැදී පොලිසියට බලපෑම් කරමින් පැමිණිලි ඉල්ලා අස් කරගන්නා ලෙසත් පොලිසියට බලපෑම් කරනු ලැබුවේය.
මෙවැනි තත්ත්වයක් රජයේ කැබිනට් ඇමතිවරයෙකුගෙන් ප්‍රකට වීම ඛේදනීය තත්ත්වයක් බවත්, ජනාධිපතිවරයාගේ විශේෂ අනුග්‍රහය සහිත මේ ලපිටි ඇමති තැන ස්වකීය ඡන්ද පදනම වෙනුවෙන් බාල දකුණු ඉන්දීය චිත්‍රපටක ජවනිකා රඟ දක්වමින් සිටින බවත් සියලුම පරිනත දේශපාලන අංශවල මතය වී තිබේ.







