දිනසේන රතුගමගේ –
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා තල්මසුන්ගේ අම්බර ( තල්මසුන්ගේ වමනය ) කිලෝ ග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු යාපනය පොලීසියේ අපරාධ විමර්ශ්න අංශයේ නිලධාරීන් විසින් 19 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ධීවරයෙකි.
ඔහු සිය නිවසේ මෙම තලසුන්ගේ අම්බර තොගය සඟවා තබා ගෙන මීගමුවේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට සූදානමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස වටලා අම්බර සොයා ගෙන ඇත.
සකකරුව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.







