බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්වේච්ඡාවෙන් විශ්‍රාමගත් ලං.වි.ම සේවකයින් 2,200ක් කබලෙන් ලිපට… සේවක සාමුහිකය සිය වියවුල ජනපතිට ලියති!

by editor
ජනවාරි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුව යටතේ හඳුන්වා දී ඇති ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය (VRS) යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් විදුලි බල මණ්ඩලයේ සේවකයින් 2,200ක් ලංකා විදුබල මණ්ඩලය අහෝසි වීමට නියමිත දිනය ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය හේතුවෙන් බරපතල අර්බුදයකට පත් වී සිටිති.

තමන් මුහුණ දී සිටින දැඩි ව්‍යාකූල තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය ඉරිදා (16) දාතමින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවන මෙම සේවකයින් සාමුහිකයක් ලෙස පෙන්වා දෙන්නේ ඔවුන් වෙත ලබා දුන් නිශ්චිත කාල රාමුව තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට තීරණය කළේ තම ඉදිරි ජීවිත සැලසුම් ද සහිතව බවය.

එහෙත් නිශ්චිත දිනයක් ප්‍රකාශ නොවී විදුලි බල මණ්ඩලය අහෝසිවීම දිනෙන් දිනම කල් යෑම හේතුවෙන් තමන් දැඩි වියවුලකට පත් වී ඇති බවත් ලං.වි.ම අහෝසිවන නියමිත දිනය ප්‍රකාශ කරන තුරු තමන්ට මණ්ඩලයෙන් ඉවත් වී සැලසුම් කළ ජීවිතය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් ඔවුහු ජනාධිපතිවරයා වෙත පෙන්වා දෙති.

විදේශ රැකිය ලබා ගැනීමේ අරමුණින් නීත්‍යානුකූල විදේශ රැකියා ඒජනස් සමග ගිවිසුම් ගතවී විශාල මුදලක් වැය කර රැකියා ලබාගෙන ඇති පිරිස් සඳහා රැකියා සඳහා පිටත්වීමට දින නියම කර ඇති අවස්ථාවලදී ඒ සඳහා පිටත්වීමට නොහැකි වීම හේතුවෙන් ආයෝජනය කළ මුළු මුදලම නැතිවී යෑමේ අවදානම ගැන ඔවුහු ජනපති වෙත ලියති.

එමෙන්ම පවුල සමගම විදේශගත වීමට සැලසුම්කළ පිරිස්වලට සැමියා හෝ බිරිය රටෙහි දමා දරු පවුල විදේශගත වීමට සිදුවී ඇති ආකාරයත්, ව්‍යාපාර කිරීමේ අරමුණින් ව්‍යාපාරික ස්ථාන කුලියට ගෙන අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සඳහා ණය පහසුකම් ලබා ගත් පුද්ගලයින්ට සිය සැලසුම් දියත් කිරීමට නොහැකි වී ඇති ආකාරයත් මේ තත්ත්වය හේතුවෙන් ඇති වූ ආතතිය මත ඇතැමෙක් රෝගී වී ඇති ආකාරයත් මේ සේවක සාමුහිකය ජනාධිපතිවරයා වෙත දන්වා සිටිති.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ලං.වි.ම අහෝසි කිරීම සඳහා නියමිත දිනය ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය සියළු කටයුතු අවසන් කර ඇති බව විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙමින් ද දැනුම් දී ඇති බව පෙන්වා දෙන සේවක පිරිස් ඒ අනුව දැන් ඉතිරිව ඇත්තේ බලශක්ති අමාත්‍යවරයා විසින් නියමිත දිනය ප්‍රකාශයට පත්කිරීම පමණක් බව කියති.

ලං.වි.ම අහෝසි කිරීමේ දිනය ලෙස මුලින්ම ප්‍රකාශ වී තිබුණේ 2026 ජනවාරි 01 දා බවත් අනතුරුව එම දිනය 2026 පෙබරවාරි 01 දිනට කල් ගිය ද ඒ දිනය සම්බන්ධව ද නිශ්චිත තහවුරුවක් නොමැති හෙයින් සේවකයින් පත් වී ඇති අසරණ ස්වරූපය සම්බන්ධව සලකා බලා ලං.වි.ම අහෝසි කරන දිනය 2026 පෙබරවාරි 01 ලෙස ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

සේවකයින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ ජල ප්‍රශ්නයට විසඳුම් ගෙනෙන කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යලි අරඹයි!

Next Post

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය අත්තනෝමතිකයි… විකිරණශිල්පීහු රෝහල් 140ක් තුළ සංකේත වර්ජනයක් අරඹති!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.