නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැසිකිළියේ බෝම්බයක් ඇති බවට මුලින්ම දැනුම් දුන් පුද්ගලයාම බව අපරාධ කොට්ඨාසය කියයි. බෝම්බය රැගෙන විත් ඇත්තේ මෙම පුද්ගලයාම බව පරීක්ෂයින් සැක පහළ කරයි.
ඉදිකිරීම් සමාගමක සේවකයකු බව කියන සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පැමිණ දින 12 පමණ වන බව ද පොලිසිය කියයි.