අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මුදා ගැනීමට චීනය මැලිකම් පාන හැටි

by Lankasara News
අප්‍රේල් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකාව විසින් පසුගිය වසර කිහිපය තුළදීම චීනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය දීම හරහා පවත්වන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සහ එමගින් සංවර්ධනය වන රටවල් චීනය මත යැපීමට සැලැස්වීම පිළිබඳ අනතුරු ඇඟවීමක් කළේය.

ඒ අනුව චීනය සමඟ ඉතා සමීපව කටයුතු කළ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය දරුණු ආර්ථික තත්ත්වයකට මුහුණ දෙමින් සිටින අතර විශාල උද්ධමනයකට මුහුණ දීමට සිදුව තිබේ. එහෙත් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආණ්ඩුව විසින් අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට මැලිකමක් දක්වන ආකාරයක් පෙනී යයි.

එහිදී චීනය විසින් මේවන තෙක් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා ඇති අතරම පාකිස්ථානය විසින් ඉල්ලා සිටි මූල්‍ය පහසුකමටද මේවන තෙක් චීනයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඔවුන් මෙම රාජ්‍යයන් දෙක කෙරෙහිම පවත්වාගෙන ගිය සමබන්ධතා හදිසියේ වෙනස් කළ ස්වරූපයක් දැකිය හැකිය.

තත්ත්වය එසේ වුවත් චීනය නිරන්තරයෙන්ම කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට සිය සහය ලබාදෙන බවට පසුගිය කාලය පුරාම ප්‍රකාශ කර සිටියේය. එහෙත් චීන ජනාධිපති විසින් සහ ඔහුගේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ රටවල් අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වීමට චීනය මැලිකමක් දක්වන බව පෙනීයයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව මේවන විටත් පාකිස්ථානයේ නව අග්‍රාමත්‍යවරයෙකු පත්ව සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටද විශාල ජනතා අප්‍රසාදයක් එල්ලවී තිබේ. එහිදී විරෝධතාකරුවන් විසින් ජනාධිපති රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට බලකරමින් ගාලුමුවදොර අසල කඳවුරු බැද සිටිති.

මේ සම්බන්ධයෙන් එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ රෆායෙලෝ පන්ටුචී ප්මෙසේ මෙම තත්තවය විග්‍රහ කරයි. ‟බීජිං පාලනය විසින් පසුගිය අවුරුදු කිහිපය තුළ සිය බාහිර ණය දීම් ගැන වඩා සැලකිලිමත්ව කටයුතු කරනවා. මොකද ඔවුන්ගේ බැංකු හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා ණය ආපසු ගෙවීමට නොහැකි රටවල් වලට විශාල වශයෙන් ණය දැනටමත් ලබා දී තිබෙන බව. එසේම මේවන විට චීනය තුළද යම් ආර්ථික අභියෝගයක් නිර්මාණය වි තිබෙනවා. මේ ආර්ථික අබියෝග හේතුවෙන් චීනය සිය මුදල් බාහිරට ලබාදීම ගැටලුකාරී තත්ත්වයක් වී තිබෙනවා.” යනුවෙනි.

චීනය මේවන විට එරටට කොරෝනා වසංගතය බලපෑමත් සමඟ යම් ආර්ථික අභියෝගයකට මුහුණ දී සිටින අතර මේවන විටත් එරට තාක්ෂණික සහ මූල්‍ය කේනද්‍රස්ථානය වූ ශැංහායි සහා ශෙන්ස්හෙන් යන නගරද වසා දැමීමකට ලක්ව තිබේ. ඒවා වරින් වර විවෘත කළද සුබුරුද ආර්ථික ක්‍රියාකාරකම්වලට කොවිඩ් වසංගතය සැලකිය යුත ලෙස බලපා තිබේ.

කෙසේ වෙතත් චීනය මේවන විට ලොව වැඩියෙන්ම ණය ලබාදෙන රාජ්‍යය බවට පත්ව සිටී. එමෙන්ම චීන රජයට අයත් බැංකු විසින් විශාල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබාදීම දිගින් දිගටම සිදුකරනු ලබයි. එහිදී ලබාදෙන මෙම ණය ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුව විසින් ලබාදෙන ණය මුදල් ප්‍රමාණයත් ඉක්මවා තිබේ.

මෙහිදී චීන බැංකු විසින් ණය ලබාදීමේදී අනුගමනය කරනු ලබන කොන්දේසි පිළිබදව දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතී. මෙවැනි තත්ත්වයක් මත චීනයෙන් විශාල වශයෙන් ණය ලබාගත් ශ්‍රී ලංකාව මේවන විට ෆිච් රේටිං ඇතුලු ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනවල දර්ශකවලින් පහතට හෙළා ඇති අතර ඉකුත් බදාදා දිනයේදී ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම කල්දමන බවට කළ ප්‍රකාශයත් සමඟම බංකොලොත් තත්ත්වයකට පත්ව ඇත.

මේ අතර ශ්‍රී ලංකාව ලබා ගත් ණයකට අදාළ ඊලඟ පොලී ගෙවීම පසුගිය අප්‍රෙල් 18 වැනිදාට යෙදුණු අතර එය ගෙවීමට අපහොසත් වුවහොත් එය ශ්‍රී ලංකාව බංකොලොත් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කියවිණි.

උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසා ඇත්තේ චීනය ශ්‍රී ලංකාවේ සහයට පැමිණෙනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවයි. එහිදී චීනයේ මුල්‍ය පහසුකම ලැබෙනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කර ඇත. එහිදී ආචාර්ය කොහොන පවසා ඇත්තේ මුල්‍ය පහසුකම ලබාදීමට යම් කාලයක් ගතවුවත් එහි කිසිදු ප්‍රමාදයක් සිදුවන ඇති බවට තමන් විශ්වාස නොකරන බවය.

‟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්ව සැලකීමේදී අපට සහය පිණිස පැමිණේ යයි විශ්වාස කළ හැකි රාජ්‍යයන් ඇත්තේ අල්පයක් පමණි. එලෙස සහයට පැමිණේ යයි සැලකිය හැකි රටවල් අතළොස්ස අතර චීනය ඉන්නවා. චීනය යනු මෙවැනි අවස්ථාවක කඩිනමින් සහයට පැමිණ යමක් කළ හැකි රටක්” යනුවෙන්ද තානාපතිවරයා පවසා ඇත.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් චීනයේ විදේශ ණය දීම් සම්බන්ධයෙන් විශේෂඥයකු විසින්ද සිය අදහස් දක්වා ඇත. එහිදී ඔහුගේ නම පළනොකරන ලෙස ඉල්ලීමක් කර ඇත. ඔහු එහිදී පවසා ඇත්තේ චීනය දකුණු ආසියානු අර්බුද විසදීමට මැදිහත් වීම යම් ආකාරයකින් අඩුවී ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ නව මූල්‍ය පහසුකම් ලබාදීම මේ ගැටලුකාරී තත්ත්වයක් වී ඇති බවයි.

මෙහිදී චීන බලධාරීන් විසින් තමන් විසින් ණය දෙන රටවල්වල ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ පිළිබඳ විශාල අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

රටවල්වලට ණය ආධාර ලබා දීමේදී පවතින තත්ත්ව හමුවේ වඩා ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණි. ඔහු මේ බවට අනතුරු ඇඟවෟයේ තල්තියාමය. එනම් ඉකුත් නොවැම්බර් මාසයේ දී චීනය ක්‍රියාත්මක කරන එක්තීරයක් එක් මාවතක් (One Belt One road) වැඩසටහනේ සම්මන්ත්‍රණයකදී ඔහු මෙස් බව ප්‍රකාශ කර තිබුණි. එහිදී ඔහු ‟ ණය ලබා දීමේදී සහ ව්‍යාපෘති තෝරා ගැනීමේදී අවදානම් අඩුම පහසුවෙන් පාලනය කළ හැකි ක්‍රමයක් ස්ථාපිත කිරීම ඉතාම වැදගත්. එහිදී කුඩා සහ අලංකාර ව්‍යාපෘති සහ භයානක ව්‍යාපෘති සහ අවදානම්කාරී ප්‍රදේශ මඟ හරිමින් කටයුතු කිරීම ඉතාම වැදගත්” යනුවෙන් ඔහු උපදෙස් ලබා දී ඇත.

මේ අතරේ චීනයේ දායකත්වය මත ක්‍රියත්මක ඒෂියා ඉන්ෆාස්ට්‍රක්ච ඉන්වෙස්මන්ට් බැංකුවේ සභාපති ජින් ලිකුන් ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කළ සඳහනද අවධානයට ලක් කළ යුතු එකකි. ඔහු එහිදී පවසා සිටියේ පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගතයුතු බවය.

මේවන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික බංකොලොත් තත්ත්වයකට පත්ව අවසාන අතර පාකිස්ථානයද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබේ. මෙවැනි තත්ත්වයකදී මෙම රාජයන් දෙකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම පියවර ගෙන ඇත්තේ ඔවුන් ඊට කලින් උදව් දෙතැයි බලාපොරොත්තු දැල්වූ චීනය කර හැරීම නිසා යයි යමකු කීවොත් එය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

Share69Tweet43
Previous Post

පොලිස්පතිගේ මානව හිමිකම් පොරොන්දුව…

Next Post

රඹුක්කන දී ඝාතනය කළ චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.