බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම සෙල්ලිපියවන දිඹුලාගල සෙල්ලිපිය කියවා අවසන් කරයි…

by editor
ජූනි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඓතිහාසික දිඹුලාගල කඳුමුදුනින් හමුවූ ශ්‍රි ලංකාවේ විශාලතම සෙල්ලිපිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ විශේෂ කණ්ඩායමක් දින තුනක කාලයක් කඳු මුදුනේ දිවා රාත්‍රී ගත කරමින් අවසන් වරට කියවා නිමා කළ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පීඨාධිපති ,ගල්වැවේ විමලචන්ති හිමි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සංවර්ධන නිලධාරී, කන්තලේ සුමිත්ත හිමි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සහකාර අධ්‍යක්ෂක බුද්ධි නාගොඩවිතාන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශය පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ සහකාර අධ්‍යක්ෂක,කෞශල්‍යා දිසානායක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ පර්යේෂණ නිලධාරී තුෂාරි සහම්පති, යන අයගෙන්න් සැදුම්ලත් කණ්ඩායමක් ඉකුත් 15 වෙනිදා සිට සෙල්ලිපියේ අවසන් කියවීම් කටයුතු ආරම්භ කර 17 වෙනිදා අළුයම් කාලය දක්වාම එම සෙල්ලිපිය කියවීමේ කටයුතු සිදුකළ බව රාහුලාලංකාර නාහිමියෝ පැවසූහ.

සෙල් ලිපිය…

දිවා රාත්‍රි පර්යේෂණ කරමින් දිගු කලක් පිටපත් කෙරු ශ්‍රී ලංකාවේ පළමු සෙල්ලිපිය මෙය බවත්, ලබාගත් සියලු වාර්තා අවසන් සහතික කියැවීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමෙන් අනතුරුව සෙල් ලිපිය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ නිලධාරීහු සඳහන් කළහ.

දිගින් අඩි 50 කින් සහ පළලින් අඩි 09 කින් යුත් මෙම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් යැයි සැලකෙන බව 2023 ඔක්තෝම්බර් 26 වෙනිදා සිට මාසයක පමණ කාලයක් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි පුරාවිද්‍යා නිලධාරීහ් අනාවරණය කර ගත්හ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටපත් කිරීම, ඇලවීම හා තාක්ෂණික කටයුතු හමාර කිරීමෙන් පසුව 2024 ජනවාරි 17 වෙනිදා ආචාර්ය මාලනි ඩයස්, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සම සභාපතිත්වයෙන් යුතුව අභිලේඛන අංශයේ සේවයෙන් යුතු නිලධාරීන් සමන්විත කමිටුවක් සෙල් ලිපිය කියැවීම සඳහා පත් කෙරෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!


.
ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පළමුවරට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් එම කටයුතු සිදුකිරීම අප්‍රේල් 02 වෙනිද
පෙරවරුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ ඇතුළු පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ විය.
මේ වනවිට සියයට සියයක් සෙල් ලිපියේ අක්ෂර කියවීමේ කටයුතු අවසන් වී ඇති බැවින් ඉතා කඩනිමින් මෙහි ඇති කරුණු නිල වශයෙන් ප්‍රකාශ කර සෙල්ලිපිය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, එම සෙල්ලිපිය නැරඹීමට මාර්ගයක් සකසා සෙල්ලිපියේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමටත් ප්‍රමුඛත්වය දෙන ලෙස තමන් වහන්සේ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුද්ධාගමට මුල් තැන දීම සහතිකයි… ආගමට අනුව ජීවත්වෙමින් ලංකාවේ දේශපාලනයක් කරන්නේ අපි විතරයි… අනුර ලන්ඩනයේ දී කියයි!

Next Post

උරුමය සින්නක්කර ඔප්පු ලබාදිය හැකි සියලුදෙනාට ඉදිරි මාස දෙක තුළදී ඉඩම් අයිතිය දෙනවා! ජනපතිගෙන් සහතිකයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.