මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද (04 ) අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව ලංකාපුර පොලිසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අංක 15/01 . බී.ඕ.පී 316 තල්පොත පොළොන්නරුව ලිපිනයේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු මවක වන එම්.එල් යමුනා පත්මිණි යන අය බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
ඝාතනයට ලක් වෙද්දී ඇයගේ නිවසේ ඇයගේ ස්වාමිපුරුෂයා සහ දරුවන් දෙදෙනාද සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඇය කවුරුන් විසින් ඝාතනය කරන්නට ඇත්ද, කුමන හේතුවක් මත ඝාතනය කළාද යන්න, මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ලංකාපුර පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕශාන් හේවාවිතාරණ ගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරයි.