ශ්‍රියානි විජේසිංහ –
රෝහල් ඉදිරියේ මල් ශාලාවක් තිබිම සාධාරණීයකරණය කරන්න නම් මෙරට සෞඛ්‍ය ඇමතිවරයෙක් කුමකට දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අසයි.
ප්‍රමිතියෙන් බාල ඖෂධ මෙරටට පැමිණෙද්දි ඒ පිලිබඳව සාකච්ඡා නොකර මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නම් එවැනි සෞඛ්‍ය ඇමතිවරයෙකු රටට අවශ්‍ය ද නැද්ද යන්න ජනතාව සහ ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
ප්‍රමිතියෙන් බාල ඖෂධ මෙරටට පැමිණීම සම්බන්ධයෙන් චූදිතයා බවට පත්ව ඇති සෞඛ්‍ය ඇමතිවරයාම එම ඖෂධ මෙරටට පැමිණීම පිලිබඳව සොයා බැලිමට කමිටු පත් කර ඇති බවත් මෙම කමිටු මගින් ලබා දෙන වාර්තාවන් රටේ ජනතාව කොපමණ දුරකට පිලිගන්නේද යන්න ගැටලුවක් බවත් හෙතෙම පැවසුවේය.