ශ්‍රියානි විජේසිංහ –
රෝහල්වල පවතින ඖෂධ හිඟය හෙලි කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාරලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශය විනය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
බදුල්ල මහ රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා එම රෝහලේ සහ තදාසන්න රෝහල්වල පවතින ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය සම්බන්ධයෙන් සොයා බලා මාධ්‍යයට කරුණු ඉදිරිපත් කර තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසිය.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය බදුල්ල රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසා ඇති ඇති බවත් එහිදී ඔහු සදහන් කර ඇත්තේ රෝහල තුළ එවැනි ඖෂධ හෝ ශල්‍ය ද්‍රව්‍යවල හිගයක් නොමැති බවත් යැයි වාර්තා වේ.
කෙසේ නමුත් ඌව පළාත තුළ ඇති රෝහල් සියල්ලේම ඖෂධ හිඟය උග්‍රව පවතින බවත් සැත්කම් හා රෝගීසත්කාර පවත්වාගෙන යාමට නොහැකිබවත් පවසමින් වෛද්‍යවරුන් දෙසිය හැත්තෑ තුන්දෙනෙකුගේ අත්සනින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා ලෙස තමාට ලිපියක් භාරදුන් බව වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේය.