ශ්‍රියානි විජේසිංහ
ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලැබූ ඇස් සඳහා භාවිතා කරන ප්‍රෙඩ්නිසොලෝන් දියරය භාවිතයෙන් වහාම ඉවත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට අද සවස WhatsApp පණිවිඩයක් හරහා දැනුම් දී ඇත.
මෙම දියරයට මගින් ඇසට හානිදායක විසබීජයක් පැතිර යන බවට සැකයක් මතුව ඇති බැවින් අදාළ කාණ්ඩයට අයත් ඖෂධ සියල්ල පරික්ෂණ මගින් තහවුරු කර ගන්නා තෙක් අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේය.
ජාතික අක්ෂි රෝහලේදී අදාළ දියර භාවිත කිරීම හේතුවෙන් රෝගීන් කීප දෙනෙකුට සංකූලතාවක් මතුව ඇති බැවින් රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය වසා දැමීමට කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අක්ෂි රෝහල් ශාඛාව සඳහන් කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.
කෙසේ නමුත් ශල්‍යාගාරයට විෂබීජය ඇතුළු වූයේ කෙසේද යන්න පිලිබද ව වෛරසවේදය පිලිබද විශේෂඥයින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.