රුසියාව සමඟ ඇති බැඳීම ඉතා ශක්තිමත් බැවින් එරටින් දිගටම ඉන්ධන මිලදී ගන්නා බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි. රුසියාව, යුක්රේනය සමඟ යුද්ධයක පැටලී සිටින මොහොතේදී රුසියාවේ පළමු වරට සංචාරයක නිරත වූ ජයිශංකර් රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සෙර්ගි ලැව්රෝව් හමු විය.
“රුසියාව කියන්නේ ශක්තිමක් සහකරුවෙක්. දශක ගණනාවක් තිස්සේ පැවැති අපේ බැඳීම අපේ රටවල් දෙකටම විශාල වාසි ඇති කළා. ලෝකයේ තෙල් හා ගෑස් සහිත තෙවන විශාලතම රට වුණත් ඔවුන්ට ලැබෙන ආදායම ඒ තරම් ඉහළ මට්ටමක නෑ.. ඒ නිසා අපේ මූලික වගකීම තමයි ජාත්‍යන්තර වෙළෙඳපොළේ හොඳම පාරිභෝගිකයින් බවට පත්වීම.. අපි දකිනවා ඉන්දියා රුසියා සම්බන්ධතාවට දෙරටටම ලොකු වාසියක් වෙනවා කියලා.. ඒ වගේම තමයි ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න අපි කැමැතියි..” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.
මෙහිදී ජයිශංකර් කෘෂිකර්මය, ඉන්ධන හා ස්වාභාවික ගෑස්, වරාය හා නැව්, මූල්‍ය , රසායනික හා පොහොර සේම කර්මාන්ත යන අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවී සාකච්ඡා කළේය.







