දිනසේන රතුගමගේ –
රුපියල් 5000 ක මුදල් ගණුදෙණුවක් මත ඇති වූ ආරවුලක් නිසා යාපනයේ කීරමලෙයි ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ ගෙළ සිර කොට ඔහුව මරා දමා තිබේ.
ඊයේ (20) සිදුවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව යාපනය කන්කසන්තුරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
හැට තුන් හැවිරිදි එස්.නඩරාජා නැමති පුද්ගලයාගෙන් පළාතේ පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් 5000 ක මුදලක් ණයට ඉල්ලා ඇති අතර එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී වයෝවෘද්ධ පුද්ගලයාගේ ගෙළ සිර කොට ඔහුව මරා දමා ඇත.
කන්කසන්තුරේ පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.