බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රිෂාද්ගේ සොයුරා නිදහස් කිරීම යුක්තිසහගත නෑ” – නීතිපති කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 12, 2020 - Updated on ඔක්තෝබර් 13, 2020
in පුවත්
නීතිපති දප්පුල ද ලිවේරා මහතා

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ රියාද් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීමට ගත් පියවර යුක්ති සහගත නොවන බවට නීතිපතිවරයාගේ අදහස වී තිබේ.

එම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද නීතිපතිවරයා හමුවූ අවස්ථාවේදී හමු වූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම අදහස ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය එම හමුවේ සාරාංශය පහත ලෙස ඉදිරිපත් කරන ලදී.

“අද දින නීතිපතිතුමා විසින් රියාද් බදියුදීන් යන අය නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, ජේෂ්ඨ පොලිස් අධිකාරි සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් සහ සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් කුමාර යන නිලධාරින් හමුවිය. රියාද් බදියුදීන් යන අයව 2020.04.14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කර තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ සිනමන් ග්‍රෑන්ඩ් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරුවන් ඉන්සාෆ් අහමඩ් යන අය විසින් රියාද් බදියුදීන් යන අයට ලබාගත් දුරකථන ඇමතුම හතක් පදනම් කරගෙනයි. රියාද් බදියුදීන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දෙකක් 2020.4.17 සහ 2020.7.13 වැනි දින ලබාගෙන තිබෙනවා. එම රැඳවුම් නියෝග ඔක්තෝම්බර් 13 අවසන්වීමට නියමිතව තිබුණ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙදහස් 2020.9.6 වන දින විමර්ශන අවසන් කර රැඳවුම් නියෝගය අවලංගු කිරීමට ඉල්ලීමක් 2020 9.28 වන දින හිටපු නියෝජ්‍ය පොලිස්පති වන නුවන් වෙදසිංහ විසින් සිදුකර ඔහුව 2020.9.30 දින මුදා හරින ලදී. ඉහත නම් සඳහන් නිලධාරීන් විසින් නීතිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවේ දී අනාවරණය වූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් යන අයවලුන් විසින් ලියා බදියුදීන් යන අයව නිදහස් කිරීම සම්බන්ධයෙන් සහ විමර්ශන නැවැත්වීමට කටයුතු කිරීම මගින් එම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් වැඩිදුර විමර්ශනය කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබීමේ හැකියාව විමර්ශන නතර කිරීම නිසා අඩපණ වී ඇති බවත් එම විමර්ශන නවතා රිය බදියුදීන් යන අයව නිදහස් කිරීමට ගත් පියවර සාධාරණීකරණය කළ නොහැකි තීරණයක් බවට පෙනී ගියා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පහත කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නොමැති බවට අනාවරණය වුණා.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

රියාජ් බදියුදීන් යන අයට අදාළව මුදල් විශුද්ධිකරණ වරද සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොකිරීම දින එනම් ඊට අදාලව ක්‍රියා බදියුදීන් යන අයගේ වත්කම් බැරකම් එනම් වාහන ඇතුළුව අනෙකුත් දේපල, බැංකු ගිණුම් සහ බැංකු කටයුතු සහ ව්‍යාපාර කටයුතු පිළිබඳ සුදුසු විමර්ශනයන් සිදු නොකිරීම, එසේම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් හෝ කිසිදු වැටහීමක් හෝ පළපුරුද්දක් නොමැති නිලධාරියකු, අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත්කිරීම සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් නොමැති නිලධාරියකු පත් කර ඇති බවට අනාවරණය වුණා. එමෙන්ම ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් යෙදවීම සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයන් සිදු කර නොමැති තත්ත්වයක් අනාවරණය වුණා.

එසේම රියාද් බදියුදීන් යන අය භාවිතා කරන ලද ජංගම දුරකථන 16ක් පිළිබඳ අනාවරණය වුවත් විමර්ශකයන් විසින් ජංගම දුරකථන 12ක් සොයාගැනීමට අපෝසත් වීම සහ එම ජංගම දුරකථන 12 සොයා ගැනීමට සම්පූර්ණ විමර්ශනයක් හරියාකාරව සිදුකර නොතිබීම යන කරුණු ද පෙනී ගියා.

ඉහත සියලු කරුණු සැලකිල්ලට ගෙන නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු විශේෂ පියවර සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් ලබා දීමක් අද සිදුකළා. එම සම්පූර්ණ විමර්ශන ගොනු මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදීමත් සිදු කළා කළත් ඉහත සඳහන් කළ අසම්පූර්ණ විමර්ශන හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු නිදහස් කිරීමට කළ නිර්දේශය යුක්ති සහගත නොවන බවට ගරු නීතිපතිතුමාගේ අවධානය යොමු වුණා”

Tags: නවතම
Share69Tweet43
Previous Post

“20 ගේන්න එපා” – මහා සංඝරත්නයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

Next Post

ගම්පහ නම් කළ පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉදිරි දින 03හි දැඩිව ක්‍රියාත්මකයි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.