පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගත් බවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට එරෙහිව ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාර මාලාවේ දී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලටය බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෂ් අහමඩ් නැමැත්තා රියාජ් බදියුදීන්ට දුරකථන ඇමතුමු 07ක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මීට වසකරට පෙර, එනම් පසුගිය වසරේ අප්‍රේල් 14 දා ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබිනි. රියාජ් ජංගම දුරකථන 18ක් භාවිත කළ බව ද එවකට රහස් පොලිසිය කීවේය.
ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අවස්ථා දෙකක දී රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි. ඒ ගිය වසරේ අප්‍රේල් 17 හා ජූලි 13 දාය.
එසේ ලබාගත් රැඳවුම් නියෝග නිමා වෙන්නට තිබුණේ ඔක්තොම්බර් 13 දාය. එහෙත් සැප්තැම්බර් මස 06 දා එම නියෝග අවලංගුකර රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධව නීතිපතිවරයා ප්‍රශ්න කළේය. ඒ අතර එවකට නීතිය හා සමාය භාරව සිටි ඇමති චමල් රාජපක්ෂ රියාද් බදියුදීන් පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ නැති බව පාර්ලිමේන්තුවේ දී කීවේය. 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීම සිදුවන්නේ මේ අතරය.
අනතුරුව රියාජ් බදියුදීන් විසින් තමන්ගේ නිර්දෝෂී භාවය දක්වමින් ජනධිපතිවරයා වෙත ලියුමක් ඉදිරිපත් කළේය. පාස්කු බෝම්බකරු හා තමන් අතර සංවාදයක් ඇති වී තිබුණේ ව්‍යාපාරික කටයුතු මුල්කරගෙන බව ඔහු එම ලිපියෙන් පැහැදිලි කිරීමට උත්සාහ කළේය.
පාස්කු කොමිසම හමුවේත් ඉන් පසුව අසවස්ථාවලත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙම පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ ලබා දුන්නේය. බදියුදීන් මන්ත්‍රීවරයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්නැයි එවකට යුද හමුදාපතිවරයාහට දැනුම් දුන් බවට පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම දක්වා තිබිණි. මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකුට තඹ ලබා දීම සම්බන්ධව හිටපු ඇමතිවරයා වෙත චෝදනා එල්ල වී තිබිනි.
සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතකයා වූ ඉන්සාෆ් අහමඩ්ගේ විවාහයට අත්සන් කිරීම හා ඔහුගේ බිරිය රිෂාඩ් බදියුදීන්ගේ ඥාතියෙක් වීම සම්බන්ධව ඔහුව ප්‍රශ්න කර තිබිණි.