අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිපෝට් කියවාගන්න බැරිව බුස්ස බන්ධනාගාරය පිස්සු කෙළී… කොවිඩ් පොසිටිව් 21 නෙගටිව් කරලා..

09 දෙනෙක් ඇප අරන් ගිහින්..

by editor
ඔක්තෝබර් 19, 2021
in පුවත්
Boossa-prison
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය මගින් කොවිඩි වෛරසය ආසාදනය වී නොමැති බවට සඳහන් කරමින් ගාල්ල බන්ධනාගාරය වෙත යොමුකරනු ලැබු රිමාන්ඩ් සිරකරුවන් 20 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනයවී ඇති බවට  පසුව දැනුම් දි ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසයි.

කොවිඩි වෛරසය ආසාදනය වී නොමැති බවට දැනුම්දීම නිසා ඇප නියම වු  රිමාන්ඩ් සිරකරුවන් 09 දෙනෙකු  නිවෙස්වලට පිටත්කර යැවීමට ගාල්ල  බන්ධනාගාරය මගින්  කටයුතුකර ඇත. 

එම රිමාන්ඩ් සිරකරුවන්ට කොවිඩි වෛරසය ආසාදනය වී ඇති බවට බුස්ස බන්ධනාගාරය මගින් දැනුම් දී ඇත්තේ දිනකට පසුව බව ද ගාල්ල බන්ධනාගාරය පවසයි.  

 රිමාන්ඩි සිරකරුවන්ව සිට ඇප නියම වූ මේ පුද්ලයින් 09 දෙනා මේ වනවිට සමාජගතව ඇත. බුස්ස බන්ධනාගාරයේ   නිරෝධායනය වෙමින් සිටි රිමාන්ඩි සිරකරුවන් 38 දෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු පි.සි.ආර් පරික්ෂණ පවත්වා කොවිඩි වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුකරගෙන  ගාල්ල බන්ධනාගාරය වෙත  ඉකුත් 17 දින යොමුකොට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

18 වැනිදින බුස්ස බන්ධනාගාරය මගින් යළි දැනුම් දී ඇත්තේ  එසේ යොමුකරනු ලැබු රිමාන්ඩ් සිරකරුවන්  20 දෙනෙකුට  කොවිඩි වෛරසය ආසාදනය වී ඇති බවය. මින් 09 දෙනෙකු ඇප මත මුදාහැර ඇති අතර ඉතිරි 11 දෙනා අගුණුකොලපැලැස්ස  බන්ධනාගාරය වෙත යොමුකොට ඇත.

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රිමාන්ඩි සිරකරුවන් 65 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණවලට ලක්කොට ඇත.  එම සිරකරුවන් 65 දෙනාටම කොවිඩි වෛරසය ආසාදනය වී නොමැති බවට  කරාපිටිය ශික්ෂණ රෝහලේ  රසායනාගාරය මගින්  දැනුම් දුන් බව   බුස්ස බන්ධනාගාරය පවසයි. 

පසුදින ගාල්ල සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලය මගින් ඉන් 21 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වී ඇති බවට දැනුම් දුන් බව ද බුස්ස බන්ධනාගාරය පවසයි.

මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  එරංග හෙට්ටිආරච්චිගෙන් අප කළ විමසුමකදී මෙසේ කිවේය.

“මටත් ඔය සිද්ධිය වාර්තාවෙලා තියෙනවා. බුස්ස බන්ධනාගාරය මගින් 15 වැනි දින තමයි රිමාන්ඩ් සිරකරුවන් 65 දෙනෙකුගේ පි.සි.ආර් සාම්පල් කරාපිටිය රෝහලේ රසායනාගාරය වෙත යොමුකරලා තියෙන්නේ. 16 දින තමයි  ප්‍රථිපල ලබාදිලා තියෙන්නේ.“

“නමුත් මේ පිළිබද මා කරාපිටිය රෝහලේ රසායනාගාරයෙන් විමසීමක් කළා.  එහෙම වෙන්න විදියක් නැහැ.  65 දෙනාගෙන් 21 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට පරික්ෂණවල දි තහවුරුවි ඇති බවට දැනුම් දුන්නා. පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල නිකුත්වන්නේ   ඔන්ලයින් හරහා. යම් සිස්ටම් එකකට  අනුව. වෙනදා වගේ පි.සි.ආර් ප්‍රථිපල ඊමෙල් කරන්නේ නැහැ. සිස්ටම් එකේ විනාඩි 05 විතර අන්තර් වෙලාවක් තියෙනවා. ඒ කාලය තුළ සියලුදේනා නෙගටිව් කියා දමලා පසුව තමයි පොසිටිව් අයගේ  නම්  ගම් සහිතව විස්තර දමන්නේ.“

“ඒ කාලය තුළ බුස්ස  බන්ධනාගාරය මගින්  මේ තොරතුරු බැලුවා ද දන්නේ නැහැ.  බුස්ස බන්ධනාගාර අධිකාරිතුමාට දැනුම් දුන්නා   නෙගටිව් බවට ලබාගත් ප්‍රින්ට් එක්ක ලබාදෙන්න කියලා. සිස්ටම් එකේ දෝෂයක් ද කියලයත් කියන්න බැහැ. එහෙත් ඔන්ලයින් මගින් 21 දෙනෙකු පොසිටිව් වි ඇති බව පෙන්වනවා.“ යැයිද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය..

කෙසේවුවද මේ වනවිට  සමාජගත වී ඇති  පුද්ගලයින් 09 දෙනා පිළිබද තොරතුරු ඔවුන් පදිංචි සිටින  අදාල පොලිස් ස්ථාන වෙත  දැනුම් දුන් බව ගාල්ල බන්ධනාගාරය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වගා ළිඳට වැටුණු වන අලියා අසීරුවෙන් ගොඩ ගනී…

Next Post

ගව ඝාතන තහනමට අදාල නීති රීති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.