නිල ඇඳුමින් නිවෙසකට පැන කාන්තාවකට අඩන්තේට්ටම් කර ලිංගික අතවර කළ බව කියන රඹුක්කන පොලිසියේ සැරයන්වරයකුව නිවැසියන් විසින් ගස් බැඳ පොලිසියට පෙරේදා (25) අලුයම භාර දීමට කටයුතු කර ඇත. මෙම සැරයන්වරයා කාන්තාවට අඩම්තේට්ටම් කිරීමට ගොස් ඇත්තේ රාත්රී ජංගම මුර සංචාරයක නිරතව සිටියදීය.
පොලිසිය කියන්නේ රඹුක්කන පරපේ ඉහළගම පිහිටි නිවෙසකට මෙම නිලධාරියා රෑ ඇතුළු වී ඇති බවත් ඔහු ලිංගික අතවර කර ඇත්තේ 60 හැවිරිදි කාන්තාවකට බවත්ය.
මෙම සැරයන්වරයාගේ ප්රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු පසුගිය 24 වැනිදා සවස 6.00 සිට 25 වැනි උදෑසන 6.00 දක්වා පොලිස් කැබ් රථයේ ජංගම සංචාරක ආර-
ක්ෂක රාජකාරියේ යොදවා තිබේ.
රඹුක්කන පරපේ ඉහළගම පිහිටි නිවෙසකට සොරකු ඇතුළු වී ඇති බවට මැදියම් රාත්රිය පසුවීමත් සමඟ රඹුක්කන පොලිසියට 119 හදිසි ඇමතුම් අංශයෙන් පණිවුඩයක් ලැබී තිබේ ඒ අ. නුව වහාම ක්රියාත්මක වූ රඹුක්කන පොලිසියේ 119 හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනා යතුරු පැදියකින් ද රාත්රී ආරක්ෂක මුර සංචාරක කැබ් රථයේ රාජකාරියේ සිටි සෙසු නිලධාරීන් ද පණිවුඩයෙන් කියැවුණු ස්ථානයට ගොස් තිබේ. එහිදී එම නිලධාරීන් දැක ඇත්තේ නිවෙස ඉදිරිපිට නිල ඇඳුමින් ගැටගසා සිටි රාත්රියේ මුර සංචාරයේ යෙදවූ පොලිස් සැරයන්වරයාවය. එම ස්ථානයේ පොලිස් සැරයන්වරයාට අයත් යතුරු පැදියක් ද තිබී ඇත. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම නිලධාරියා පොලිස් ස්ථානයට ගොස් සිය පුද්ගලික යතුරු පැදියේ නැගී මෙම නිවෙසට ගොස් ඇති බවය.
මෙම කණ්ඩායම භාරව සිටි සැරයන්වරයා කැබ් රථයේ රාජකාරියේ නිරතව සිටියදී 24 වැනිදා රාත්රී 11.30ට පමණ හදිසියේම පොලිස් ස්ථානයට යා යුතු බව සෙසු නිලධාරීන්ට පවසා කැබ් රථයෙන් බැස පිටත්ව ගොස් තිබේ. ඔහු කැබ් රථයෙන් බැස ඇත්තේ පොලිසිය ආසන්න ප්රදේශයකින් බවත් ඉක්මනින්ම පොලිසියට ගොස් නැවත පැමිණෙන බවට පැවසූ බවත් සෙසු නිලධාරීන් සිය උසස් නිලධාරීන්ට පවසා තිබේ.
ප්රශ්න කිරීම් හමුවේ සැරයන්වරයා පොලිසියට පවසා කාන්තාවගේ ආරාධනාවෙන් නිවසට පැමිණි බවයි. එහෙත් එම කාන්තාව පැවසුවේ එම නිලධාරියා සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් බලෙන් නිවසට පැමිණ කරදර කළ බවත්ය.
ඇගේ ප්රකාශය අනුව නිලධාරියා රඹුක්කන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර කෑගල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රාජකාරි වේලාවේදී රාජකාරියේ නොසිට නිවෙසකට ඇතුළු වී කළ විෂමාඤචාර ක්රියාව සම්බන්ධයෙන් නිලධාරියාගේ වැඩ තහනමට ලක් කොට තිබේ.







