අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ සභා මණ්ඩපය විනාශ කළ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 05ක් බරපතල වැඩ ඇතිව අවුරුදු 03ක් හිරේ…

by editor
දෙසැම්බර් 14, 2023
in පුවත්
Thushara-Sanjeewa
Share on FacebookShare on Twitter

1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ ගැස්ට් කරන ලද  පුරාවිද්‍යා රක්ෂිතයක්   ස්මාරකයක් වූ 13 වැනි සියවසට අයත් කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපති  තුෂාර සංජීව විතාරණඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල පළාත්බද මහාධිකරණය අද නියෝග කළේය.   

ඒ අදාළ නීති කෘත්‍යය අද කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙසේ දණ්ඩනයට ලක් වන්නේ මෙසේ දඬුවම් නියම කෙරුණේ කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සම්පත්, එහි හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, එහි හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරී අයි. සුල්තිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වන ලක්ෂ්මන් ප්‍රියන්ත යන විත්තිකරුවන්ය.

සිර දඬුවමට අමතරව රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක මූල්‍ය වන්දියක් සහ එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ දඩ මුදල්ද නියම කෙරුණි.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුවේ කොටසක් කුරුණැගල නගර සභාව මඟින් ඩෝසර් කර විනාශ කරනු ලැබුවේ පසුගිය 2020 වසරේ ජූලි මස 14 වනදාය.

එවකට මාධ්‍ය හමුවක් කැඳවමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ප්‍රකාශ කළේ ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිවෙන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවන් පසුබිමක අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිලිවලට අනුව විමර්ශන කටයුතු සිදුකළ පොලිසිය ඒ පිළිබඳව අධිකරණයටද කරුණු වාර්තා කළේය.

එමෙන්ම ඓතිහාසික වටිනාකමින් යුත් මෙම ගොඩනැගිල්ල කඩාබිඳ දැමීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ  නියමයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායකගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් කමිටුවක්ද පත්කෙරුණි.

කමිටුවේ නිගමනය වී තිබුණේ අදාළ විනාශයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසය.

අනතුරුව කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකළේය. ඉන් පසු අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේ කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු එකී චෝදනාවට වරද පිළිගෙන තිබි්‍ණි. – දෙරණ

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුවසැරිය සේවාව තාක්ෂණය සමග අත්වැල් බැඳගනී!

Next Post

රාගම වෙඩි තැබීමට පැයකට පෙර මල්වානේ නිවසකටත් වෙඩි තියලා… සිද්ධි අතර සම්බන්ධතාවයක් ඇතිදැයි විමර්ශන අංශවල අවධානයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.