අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සිරිල් ගාමිණී පියනමට එරෙහිව CIDයට පැමිණිල්ලක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් අද දින (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබේ.

ඒ 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති ද්වේශ සහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ (23) දින පැවති සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින් සිරිල් ගාමිණී පියනම විසින් ප්‍රකාශ කර තිබුණේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බවය.

සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයකු වූ මේජර් ජනරාල් සලේ ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන ලද බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිරිල් ගාමිණි පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් සලේ මහතා අවධාරණය කර ඇත්තේ තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් නගා ඇති එම සියළු චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

මෙම සියලු චෝදනාවන්⁣ගේ අරමුණ වන්නේ පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම ඔහුගේ කීර්තිනාමයට හානි කිරීමත්, ඔහුගේ ජීවිතය මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද අනතුරට හෙලීමත් මෙන්ම එබඳු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන්ට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන්හටද නැවත පිලිසකර කළ නොහැකි හානියක් සිදුකරන බව සලේ මහතා පෙන්වා දී ඇත.

කිසිදු තත්ත්වයක් යටතේ ඔහු කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසියම්වූ හෝ ආකාරයක සන්නිවේදනයක් සිදු කර නොමැති බව ද ඔහුගේ පැමිණිල්ලෙහි ඔහු නැවත නැවතත් අවධාරණය කර සිටි.

සිය පැමිණිල්ලෙන් මේජර් ජෙනරාල් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිට ඇත්තේ සිරිල් ගාමිණී පියනමට හා එම සංවාද මණ්ඩපයට සහභාගී වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පියල් නිශාන්ත එක්ක බෑ… ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි…

Next Post

වේගවත් සංවර්ධනයට යන්න මන්ත්‍රීවරු වාහන ඉල්ලති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.