අජිත් රෝහණ, කමල් සිල්වා සහ රජිත ශ්‍රී දමිනද යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරු රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමත කර තිබේ.
රාජ්‍ය සේවා කොමිසමේ අනුදැනුමකින් තොරව එම ස්ථාන මාරුවීම් සිදුකකර ඇති බව සඳහන් කරමින් කොමිසම විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කරුණු විමසීමක්ද ඉකුත් දා කළේය. ඒ අනුව ලේකම්වරයා කරුණු දැක්වීමක් කර ඇති අතර එය පිළිගනිමින් එම ස්ථාන මාරුවීම් සඳහා සිය අනුමැතිය කොමිසම විසින් ලබාදී තිබේ.
එසේම මින් ඉදිරියට කොමිස නිසි ලෙස දැනුව් කිරීමකින් තොරව ස්ථාන මාරුවීම් ක්‍රියාමක නොකරන ලෙසට දැනුම් දීමක්ද කර ඇත.